Sunday, May 5, 2013

අසිරිමත් බුදු ඇසින් දුටු කළලයක් විකසනය වන අයුරු෴

ඔබත් තවමත්" නිවන් මග " සමග එක් වී නැතිද?
දහම් රසය විදින්න එක්වන්න අප සමග - The way of Nibbana-නිවන් මග way

එක්වන්න අප සමග- භව කර්ම (Bawa Karma)

තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ යක්ඛසංයුක්තයේයි.

෴ඉන‍්දක සූත්‍රය෴

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

ඉක්බිති ඉන‍දක යක‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුර කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම :කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?

"පඨමං කලලං හෝති කලලා හෝති අබිබුදං
අබිබුදා ජායතේ පේසි පේසි නිබිබන්තතතේ ඝනෝ
ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වෙ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.


"තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ
ඒවං වණ්න පටිභාගං කලලන්ති පවුචිචති.

තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබෙ යන්න එහි තේරැමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත.

"ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"

මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.

෴පළමු සතිය෴*තේරුම් ගැනීමේ පහසුව තකා යොදන ලදී
"සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං
විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"

කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරැම වන්නේ පෙණ පිඩ යන්න වේ.

02 වන සතිය*
"සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං
විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"

"සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරැමයි

03 වන සතිය
"සත්තාහං පේසි භවති පරික්කං සමුහකං
විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"

"පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.

04 වන සතිය.
"යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"

"යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.

05 වන සතිය
"ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි.

"යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං
තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"

ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි.

මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.

මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල ළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ. ඒදා ජනයාට තේරැමි ගත හැකි වන ආකාරයෙන් දේශනා කරණ ලද මෙම දේශනාව අදටත් එහි අන්තර්ගත කරැණු 100% නිවැරදි විමෙන් අපට තථාගතයානන්වහන්සේගේ ඥානය ගැන අනුමාන කරගත හැකිවනු ඇත.

තෙරුවන් සරණයි

සුබ දවසක් වෙවා සියළු දෙනාට

උපුටා ගැනීම් http://www.budurashmiya.net/2010/05/blog-post_31.html

No comments:

Post a Comment