සාලිය කුමරුගේ ආදරවන්තිය අශෝකමාලා සැඩොල් කුලයක ඉපදුනේ ඇයි?
දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු නිතරම දානමය පුණ්‍යකර්ම කිරීමට සිත
නැමුණු කෙනෙකි.නමුදු විවාහ කරගත්තේ අතිශයින්ම පියකරු රෑ සපුවකින් යුත් සූ
සැටක් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් හෙබි අශෝකමාලා නම් සැඩොල් කුමරියක් වේ . සාලිය කුමරු ඇයට බැදි පෙම නිසා රජකමද අත් හැරියේය.
මතු මෛත්‍රී බුදුරජුන්ගේ බ්‍රහ්ම වර්ධන නම් එකම පුත්‍රයා වී ඉපදෙන්නේ ද මේ
සාලිය කුමරුය .මෙතුමාගේ බිරිඳ සැඩොල් කුලයක් ඉපදීමට හේතුව නම් ඇය පෙර මේ
ලක් දිව සුමනා නම් තරුණියකව සිටියදී දිනක් ඉඳූල් ඉහිරවා ආහාර ගෙන ඇතිබව
දුටු ඇගේ මව්තුමිය ඇයට,සැඩොල් කෙල්ල තෝ කුමක් නිසා මේ අපිරිසිදු කරන්නේ
දැයි ,දොස් නැගීය .එහිදී සුමනාවෝ මව කෙරෙහි කිපී ,චණ්ඩාල කෙල්ල නම් මා නොව
මෑණියන්ම යැයි, කීවාය.මෙහි විපාක වශයෙන් ඇය මේ ජීවිතයේදී සැඩොල් කුලයක්
ඉපදුන බව ධර්මයේ දැක්වෙයි.
පෙර කරන ලද පින් ඇති අශෝකමාලා කුමරිය
පින් බලයෙන් ඉතා රෑපත් වූ නමුදු මවට කෙරෙහි කිපී පරුශ බසින් ඇයට ආමන්ත්‍රණය
කල නිසා සැඩොල් කුලයේ ඉපදීමට හේතුවිය. මෙහිදී ඇය තම මව කෙරේ එක වචනයක්
වැරදිලෙස භාවිතා කළ නිසා පහත් කුලයක ඉපදුනේය.
ඔබත් සිතා බලන්න
ඔබගේ මව්වරුන් ඔබේ වැරදි දුටුවිට දෝශාරෝපණ කල විට ඔබේ වැරැද්දක් ඇත්නම් එය
සකසා ගන්නවා විනා මවට පරුෂවචනයෙන් බැන වැදීමට නොයා යුතුබව ඔබට දැන්
වැටහෙනවා ඇත.
තෙරුවන් සරණයි..
සියළු සතුන් ලොව සුවපත් වේවා
ධර්ම දානය පිණිස කළණ මිතුරන් අතර බෙදා හරින්න
අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan
මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණ
No comments:
Post a Comment