ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,මහරැඹෑවැවේ පාලිත හිමි
පුද්ගල විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මයයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බව බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ අසාමාන්‍ය අසිරිමත් බුදු නුවණින් අවබෝද කොට ලොක සත්වයන්ගේ හිත සුව පිණිස දේශනා කොට වඳාලහ.
යමෙක් අල්ප ආබාධ සහිතව හෙවත් නීරෝගීව ජීවත් වන්නේ නම් ඒ සඳහා ද බලපාන ප්‍රධාන හේතුව කර්මයම බව ඔබට වැටහෙනවා ඇත .චුල්ලකම්ම විභංග සූත්‍රය ඇසුරෙන් නිරෝගී සම්පත් ලැබීම සඳහා බලපාන කර්ම විමසා බලමු.
~~නිරෝගී සම්පත් ලැබීම සඳහා බලපාන කර්ම~~
“ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා සො තෙන කම්මෙන එවං සමන්තෙන ඒවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චායාති අප්පාබාධො හොති. අප්පාබාධ සංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.
මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, සත්වයන් පීඩාවට පත්නොකරන සුළු වූයේ වෙයිද, මෙසේ ඔහු හෝ ඇය සත්වයන් කෙරහි දයාවෙන් යුක්තවීමේ කුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් නිරෝගී සැප ඇත්තෙක් බවට පත් වෙයි. මෙය නිරෝගී සම්පත් ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.
අල්ප ආබාධ සහිතව නිරෝගීව ජීවත් වීමට ඔබත් ප්‍රිය කරනවා නම් ඉහත දක්වා ඇත්තේ ඒ සඳහා හේතුවන ප්‍රතිපදාවයි,සත්වයන්ට කරුණාව දයාව යුක්තව ජීවත් වීමේ කුසල කර්මය ඔබත් මෙම ප්‍රතිපදාව ඔබගේ ජීවිතය තුල පුරුදු පුහුණු කොට නිවන් දකින තුරු ලබන්නාවූ ජීවිත නිරොගී ජීවිත කර ගනිත්වා..
~~~~තෙරුවන් සරණයි~~~~
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)
The way of Nibbana
බුදුසරණ ඇසුරෙනි
No comments:
Post a Comment