දවසක් තරුණ භික්ෂුන් වහන්සේලා දෙනමක් මහා මග
වඩිමින් සිටිද්දී ගඟක් තරණය කිරීමට සිදු උනා.. නමුත් අවාසනාවට එදා ඔරුව
නැහැ...තරුණ නිසා භික්ෂුන් වහන්සේ දෙනම තීරණය කළා ගඟේ බැස තරණය කරන්න...ජලය
අඩු නිසාත් දෙදෙනා වහන්සේට පිනිම දන්නා නිසාත් එය උන් වහන්සේලාට ප්‍රස්නයක් උනේ නැහැ....
නමුත් අමාරු කර්තව්‍ය පැමිණුනේ පසුවයි....රූමත් තරුණ ළඳක් ගග අසබඩ ඉන්නවා හඬමින්...රෑ වීමට පෙර ගඟ තරණය කිරීමට නොහැකිව...
පළමු භික්ෂුන් වහන්සේ ඇය දෙස නොබලමින් අපි වඩිමු යයි තීරණය කල මුත් දෙවන
භික්ෂුන් වහන්සේ දෙවරක් නොසිතා ඒ රූමත් තරුණිය වඩා ගත්තා......භික්ෂුන්
උවත් තරුණ වූ උන් වහන්සේ ගේ ගෙලේ සෙනෙහසින් දැවටුන තරුණිය ගඟ තරණය කළා.....
ඉන් පසු වචනයකුදු කතා නොකළ භික්ෂුන් දෙනම ගන් තෙරින් නික්මුනා.....අතර
මගදී පළමු භික්ෂුන් වහන්සේ හරිම අපහසුවෙන් මෙන් ප්‍රස්නයක් අසන්න
ගත්ත....." ඔය නම කලේ හරි දෙයක් නෙවේ..රූමත් තරුණ කාන්තාවක් ස්පර්ශය ඔබට
කොහෙත්ම ගැලපෙන්නේ නැහැ " ආදී ලෙස දෝෂාරෝපණයක් පටන් ගත්ත.....
ඉතා
සාවදානව එය අසා සිටි දෙවන භික්ෂුන් වහන්සේ ශාන්තව මෙලෙස පිළිතුරු දුන්නා "
ඔබ වහන්සේ තවම ඒ තරුණිය උසුලාගෙන සිටින හැඩයි, නමුත් මම ඒ රූමත් තරුණිය
ගන් තෙර අත හැරලයි මේ වැඩම කරන්නේ "................
අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan
මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
No comments:
Post a Comment