රතන සූත්‍රය෴
෴Ratana Sutta: The Jewel Discourse෴(English Edition)
ඔබත් තවමත්" නිවන් මග " සමග එක් වී නැතිද?
දහම් රසය විදින්න එක්වන්න අප සමග - The way of Nibbana-නිවන් මග
Join with us
එක්වන්න අප සමග- භව කර්ම (Bawa Karma)
Join with us
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං
තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි
රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ
වචනය මනාකොට අසත්වා.
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා
තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින්
සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම්
මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ
යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ
නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය
බලයෙන් සත්වයනට සෙත්වේවා.
ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම
රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින්
අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද
ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
තේරුම
5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද?
එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද
ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක්
වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු
යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු
වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි
ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
තේරුම
7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු
කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය
නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද
සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
8. ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින්
හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී
නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි
ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸
සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු
අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ
සත්‍ය බලයෙන් සෙත් වේවා.
සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි
සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු
වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය
ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න
භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො
හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත
වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ
වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත
පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය
බලයෙන් සත්වයනට සෙත් වේවා.
වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ
උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න
භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
තේරුම
14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද,
මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන
ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද
සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
තේරුම
15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව
සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය
බලයෙන් සෙත්වේවා.
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු
තේරුම
16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව
සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු
තේරුම
17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව
සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ
වඳිමු.
සාදු සාදු
෴Translator's Introduction෴
The occasion for this discourse, in brief, according to the commentary,
is as follows: The city of Vesali was afflicted by a famine, causing
death, especially to the poor folk. Due to the presence of decaying
corpses the evil spirits began to haunt the city; this was followed by a
pestilence. Plagued by these three fears of famine, non-human beings
and pestilence, the citizens sought the help of the Buddha who was then
living at Rajagaha.
Followed by a large number of monks
including the Venerable Ananda, his attendant disciple, the Buddha came
to the city of Vesali. With the arrival of the Master, there were
torrential rains which swept away the putrefying corpses. The atmosphere
became purified, the city was clean.
Thereupon the Buddha
delivered this Jewel Discourse (Ratana sutta[1]) to the Venerable
Ananda, and gave him instructions as to how he should tour the city with
the Licchavi citizens reciting the discourse as a mark of protection to
the people of Vesali. The Venerable Ananda followed the instructions,
and sprinkled the sanctified water from the Buddha's own alms bowl. As a
consequence the evil spirits were exorcised, the pestilence subsided.
Thereafter the Venerable Ananda returned with the citizens of Vesali to
the Public hall where the Buddha and his disciples had assembled
awaiting his arrival. There the Buddha recited the same Jewel Discourse
to the gathering:
෴Meaning෴
1. "Whatever beings
(non-humans) are assembled here, terrestrial or celestial, may they all
have peace of mind, and may they listen attentively to these words:
2. "O beings, listen closely. May you all radiate loving-kindness to
those human beings who, by day and night, bring offerings to you (offer
merit to you). Wherefore, protect them with diligence.
3.
"Whatever treasure there be either here or in the world beyond, whatever
precious jewel there be in the heavenly worlds, there is nought
comparable to the Tathagata (the perfect One). This precious jewel is
the Buddha.[2] By this (asseveration of the) truth may there be
happiness.
4. "That Cessation, that Detachment, that
Deathlessness (Nibbana) supreme, the calm and collected Sakyan Sage (the
Buddha) had realized. There is nought comparable to this (Nibbana)
Dhamma. This precious jewel is the Dhamma.[3] By this (asseveration of
the) truth may there be happiness.
5. "The Supreme Buddha
extolled a path of purity (the Noble Eightfold Path) calling it the path
which unfailingly brings concentration. There is nought comparable to
this concentration. This precious jewel is the Dhamma. By this
(asseveration of the) truth may there be happiness.
6. "The
eight persons extolled by virtuous men constitute four pairs. They are
the disciples of the Buddha and are worthy of offerings. Gifts given to
them yield rich results. This precious jewel is the Sangha.[4] By this
(asseveration of the) truth may there be happiness.
7. "With a
steadfast mind, and applying themselves well in the dispensation of the
Buddha Gotama, free from (defilements), they have attained to that which
should be attained (arahantship) encountering the Deathless. They enjoy
the Peace of Nibbana freely obtained.[5] This precious jewel is the
Sangha. By this (asseveration of the) truth may there be happiness.
8. "As a post deep-planted in the earth stands unshaken by the winds
from the four quarters, so, too, I declare is the righteous man who
comprehends with wisdom the Noble Truths. This precious jewel is the
Sangha. By this (asseveration of the) truth may there be happiness.
9. "Those who realized the Noble Truths well taught by him who is
profound in wisdom (the Buddha), even though they may be exceedingly
heedless, they will not take an eighth existence (in the realm of sense
spheres).[6] This precious jewel is the Sangha. By this (asseveration of
the) truth may there be happiness.
10. "With his gaining of
insight he abandons three states of mind, namely self-illusion, doubt,
and indulgence in meaningless rites and rituals, should there be any. He
is also fully freed from the four states of woe, and therefore,
incapable of committing the six major wrongdoings.[7] This precious
jewel is the Sangha. By this (asseveration of the) truth may there be
happiness.
11. "Any evil action he may still do by deed, word
or thought, he is incapable of concealing it; since it has been
proclaimed that such concealing is impossible for one who has seen the
Path (of Nibbana).[8] This precious jewel is the Sangha. By this
(asseveration of the) truth may there be happiness.
12. "As the
woodland groves though in the early heat of the summer month are
crowned with blossoming flowers even so is the sublime Dhamma leading to
the (calm) of Nibbana which is taught (by the Buddha) for the highest
good. This precious jewel is the Buddha. By this (asseveration of the)
truth may there be happiness.
13. "The Peerless Excellent one
(the Buddha) the Knower (of Nibbana), the Giver (of Nibbana), the
Bringer (of the Noble Path), taught the excellent Dhamma. This precious
jewel is the Buddha. By this (asseveration of the) truth may there be
happiness.
14. "Their past (kamma) is spent, their new (kamma)
no more arises, their mind to future becoming is unattached. Their germ
(of rebirth-consciousness) has died, they have no more desire for
re-living. Those wise men fade out (of existence) as the flame of this
lamp (which has just faded away). This precious jewel is the Sangha. By
this (asseveration of the) truth may there be happiness.
15.
"Whatever beings (non-human) are assembled here, terrestrial or
celestial, come let us salute the Buddha, the Tathagata (the perfect
One), honored by gods and men. May there be happiness.[9]
16.
"Whatever beings are assembled here, terrestrial or celestial, come let
us salute the perfect Dhamma, honored by gods and men. May there be
happiness.
17. "Whatever beings are assembled here, terrestrial
or celestial, come let us salute the perfect Sangha, honored by gods
and men. May there be happiness."
Notes
[1].
Ratana means precious jewel. Here the term is applied to the Buddha, Dhamma, and Sangha.
[2].
Literally, in the Buddha is this precious jewel.
[3].
Literally, in the Dhamma is this precious jewel.
[4].
Literally, in the Sangha is this precious jewel.
[5].
Obtained without payment; 'avyayena' (KhpA).
[6].
The reason why it is stated that there will be no eighth existence
for a person who has attained the stage of sotapatti or the first stage
of sanctity is that such a being can live at the most for only a period
of seven existences in the realm of sense spheres.
[7].
Abhithanani; i. matricide, ii. patricide, iii. the murder of arahants
(the Consummate Ones), iv. the shedding of the Buddha's blood, v.
causing schism in the Sangha, and vi. pernicious false beliefs (niyata
micca ditthi).
[8].
He is a sotapanna, stream-enterer, one who has attained the first stage of sanctity.
[9].
The last three stanzas were recited by Sakka, the chief of Devas (gods) (KhpA).
Share with Other best Friends
No comments:
Post a Comment