Sunday, May 5, 2013

උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසූ දළදා සමිදු සරණයි
නුවන් සනහන කැළණි මියුගුණ සෑ රදුන් සිළුමිනෙහි සරණයි
සමන් ගිරහිස පහන් කරමින් තැබූ මුණි සිරිපතුලෙ සරණයි
නිවන් දක්නා ජාති දක්වා අප හැමට තුනුරුවන් සරණයි

උදාවන හිරු සැගව ගොස් යළි නැගෙන තුරු බුදු හිමිගෙ සරණයි
හදාගත් ගේ පැළට දරු මුනුපුරන් හට දම් රුවන් සරණයි
නිදාගෙන යළි අවදිවන තුරු උතුම් මහ සඝ රුවන් සරණයි
සදාකාලයෙන් සදාකාලයට අප සැමට තුනුරුවන් සරණයි

ගෙයින් පිටවී යළිත් එනතුරු අපට මුනිගුණ පිහිට වේවා
කරන්නට යන සියළු කටයුතු සිතන අයුරින් සපල වේවා
මෙයින් මතු කරදරද උවදුරු අපේ දිවියට ළං නො වේවා
බුදුන් දම් සඝ රුවන් බලයෙන් සදා කල් සෙත් දි රකීවා

සිතින් වචනින් කයින් සිදුවන සියළු අකුසල් දුරු කෙරේවා
සිතන සිතුවිලි වලින් නිබදව අපේ මුදු හදවත් පිරේවා
එයින් පල ලැබ උතුම් අරහත් පසේ බුදු තනතුරු ලැබේවා
එයින් පින්වත් අප හැමෝටම නිවන් පුරයෙහි දොර ඇරේවා

අට විස්සක් බුදුන් සරණ සිහිකර මම වැන්දා
නව ලොවුතුරු දහම් රත්නෙ සිහිකර මම වැන්දා
අරිහත් පල සංඝ රත්නෙ සිහිකර මම වැන්දා
මෙතුන් රත්නෙ සිහිකර මම නිවන් පතා වැන්දා

සාදූ සාදූ මෙමා කළ පිං පෑදි පෑදී තිබේවා
ආදි ආදී නොදැන කළ පවු සේදි සේදී ගෙවේවා
ජාති ජාතී දුකක් විපතක් කිසිම කලකත් නොවේවා
සාදු සාදූ මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා

මව්පියො මගේ පින් අනුමෝදන් වේවා
ගුරුවරුනටද ඒ ලෙස පින් අත් වේවා
මළගිය ඥාති වරයෝ සුවපත් වේවා
සැමට උතුම් නිර්වානය අත් වේවා

මේ කළ මහ පිනෙන් මතු සසරේ පවර
ඇසුමට නොවේවා නැත යන බස් වහර
කිසිවිට දිළිදු කුලයක උපතක් නොකර
කෙළවර ලැබේවා නිර්වාණය අමර

ආයාසයක් කිසි කළක නොවන්ටයි
බයා දුකක් කිසි කළක නොවන්ටයි
කියා තිබෙන බණ මුනිව අසන්ටයි
පියාණනි මගේ නිවන් දකින්ටයි

දැන් මා දස අකුසල් නොකරන්නේ
නිම්මාවක් නැති කුසල් කරනේ
දැන් මා කළ පිං අයු වඩන්නේ
අම්මා මාගේ නිවන් කින්නේ

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

No comments:

Post a Comment