Thursday, May 30, 2013


ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය.

“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”?

එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.

“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී”

යමෙක් ලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ නොගැනීම හෙවන් අද්වේශය නැමති කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං - අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.

මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි..

ඉතින් ඔබත් නුවණින් කරුණු විමසා බලන්න ,,අද කාලයේ බොහෝ දෙනෙක් තම රූපය ලස්සන කරගැනීමට කොපමණ වෙහෙසක් දරනවාද?
විශාල මුදලක් වියදම් කරමින් මෙන්ම තම වටිනා කාලය නාස්ති කරමින් ලබා ගන්නා ලස්සන තාවකාලික බව ඔබ පැහැදිලිව දැකගත හැක.
එම ලස්සන බාහිර හේතු නිසා ඉතා ඉක්මණින් වෙන්ව් වීමකට ලක්වෙයි.
නමුත් කුසල කර්මයේ විපාක වශයෙන් ලැබෙන සුරූපී බව ඉක්මණින් විනාශ නොවන බවත් අමතර වෙහෙසකින් තොරව ලැබෙන බවත් පැහැදිලි වේ..
සෑම හටගත් දෙයක්ම හේතුව නැති වීමෙන් විනාශ වන්නේය .සුරූපී බවද සැමදාම එකලෙස නොපවතින බව ඔබ නුවණින් වටහා ගත යුතුය.

ඉතින් ඔබත් අසිරිමත් අවබෝධ ඥාණයක් වූ සර්වතඥාණයෙන් නිරවුල්ව අවබෝද කලාවූ ඉහත ප්‍රතිපදාව අනුගමනය කර නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ජාතියකම සුරූපීව ඉපදීමට හැකිබව ඉතා විශ්වාස යෙන් යුතුව මතක් කර සිටිමු.

අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම


යමෙක් අවලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ ගැනීම හෙවත් ද්වේශය නැමති අකුසල කර්මයයි. එම කාරණය ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

ඔබත් නුවණින් කරුණු විමසා බලන්න.අද සමාජයේ කෙතරම් පිරිසක් තරහව හෙවත් ද්වේශය නැමති මනෝ භාවයෙන් පෙලෙන බව ඔබට දැක ,දැන ,,අත්විද ඇතිබව ඔබම මෙනෙහි කර බලන්න.රූපලාවන්‍ය කටයුතුවලට බොහෝ මහන්සි වී මුදල් වියදම් කරත් ,තමන්ට ඇතිවන ද්වේශ සහගත සිතුවිලි පාලනය කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.

ඔබත් කෝපයෙන් ද්වේශයෙන් අන් අය සමග ගැටුම් ඇතිකර ගන්න යනවාද?
එම කෝපය තුල හටගන්නා වූ කර්ම විපාකය විදිය යුතුවන්නේ ඔබමය එබැවින් ද්වේශයෙන් වැලකී මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගෙන විරූපී බවින් මිදී නිවන් දක්නා ජාතිදක්වා සුරූපී ශරීර ඇතිව ඉපදිමට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න....

මහරැඹෑවැවේ පාලිත හිමි

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..

Monday, May 27, 2013

දිලිදු උපාසකතුමා මව්පියන් පොෂනය කොට ලත් දේව විමනය

බුදුරජනන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වසය කරති. එම කාලයෙහි සැවතෙහි එක් උපාසක කෙනෙක් වෙති. ඔහු දිලින්දෙකි. ජිවත් විමට ක්‍රමයක් නොවුයේ බැල මෙහෙ කරමින් ජිවත් වෙයි. හේ ශ්‍රද්ධාවන්ත ය .භක්ති වන්තය . තුනුරුවන් කෙරෙහි ප්‍රසනය සිත ඇත්තේ ය. මහලු දෙමව්පියන් රැක බලාගෙන පොෂනය කරමින් ජිවත් වුවෙය. ස්ත්‍රීහු නම් විවාහ දිවියට ගියත් යස ඉසුරු සැප සම්පත් බොහෝ සෙයින් බලාපොරොත්තු වන්නාහු ය. වැඩිහිටියන්ට නැන්දනිට මාමන්ඩියට  හෝ ස්වාමියාට
සුදුසු අකාරයෙන්  සත්කාර සම්මාන නොකරති .යහපත් යහපත් ගති පැවැතුම් ඇති කන්තාවො දුර්ලභ වෙති. එ නිසා මහලු මවුපියංගේ සිත් සතන් පිනවමින් විවාහ කර නොගෙන  මවුපියන්නට උපස්ථාන  කරමින්  ජිවත් වන්නෙමි. සිල් ආරක්ෂා කරයි. පෙහෙවත් සමාදන් වෙයි .තම සම්පත් වලට අනුව දන් දෙයි . ඔහු පසු කලෙක මරනයට පත්ව තව්තිසා දෙවේලාව විමනයක උපත ලැබුවේය. මුගලන් රහතන් වහන්සේ දෙව්ලොව චාරිකවක නිරත වුයේ මහත් සේ දිව්‍යමය සම්පත් විදින දෙවිපුතුන් දැක ඔහුගෙන් පෙර කරන ලද පුණ්ය කර්ම් ගැන විමසන්නට් වුහ.
දේවපුත්‍රයෙනි , තව්තිසා දෙවේලාව දෙවියනට උත්තම උද්‍යාන අතරින් චිත්‍රලතා  වනය යම්සේ බබළන්නේ ද ඔබගේ ස්වර්ණ  වර්ණ විමානය ද අහසෙහි බබළන්නේ ය . සෘද්ධිමත් දේවාත්මයකට පත්ව සිටින්නෙහි ය . ආනුභා සම්පන්න ය. සියලු දිසාවන් බබල්වන පැහැපත් සිරෑරක් ද ලබා ඇති ඔබ කුමන පිංකමක් කොට මෙම සම්පත් ලබා ඇත්තේයිදැයි. මට පවසන ලෙස ඉල්ලුහ. සතුටට පත් දේවතාවෝ මෙසේ  කියති.
ස්වාමීනි, මිනිසුන් අතර මිනිසෙක් විමි. මම දිලින්දෙක් වීමි. අසරණ වු මම බැගෑපත්ව ඉල්ලා ගෙන ජිවත් වුවෙමි. කුලි වැඩ කරන කම්කරුවෙක් විමි . ජරා ජිර්න බවට පත්ව සිටි මහලු දෙමවුපියන් රැක බලාගෙන ක්‍රියා කෙලෙමි. පෝෂනය කෙලෙමි. සිලවන්තයො මට ප්‍රිය වුහ. මම ද සිල්වත් විමි. ප්‍රසන්න භාවයෙන් යුතු මගේ සිතට අනුවත් තිබෙන සම්පත් අනුවත් අහාර පාන සකසා දන් දුන්නෙමි. එදා කළ පිංකම් නිසා අද මම උසස් දේව සම්පත් විදිමි. පැහැපත්  වර්ණවත් සිරුරක් ලැබි ඇත. මන වඩන ප්‍රිය
 වඩන යම් සම්පතක් ඇත්නම් ඒ සියල්ල මට ලැබෙයි. පහල වෙයි. ස්වාමිනි යම් පිනක් කෙලෙමි ද ඒ නිසා සියලු දිසාවන් බබළ්න ශරීර සම්පත්තියක් හා මහානුභාව දේව සම්පත්තියක් ලදිමි යි දේවතාවා ප්‍රකාශ කෙළේ ය. මුගලන් රහතන් වහන්සේ මනුලොවට වැඩ බුදුරජානන් වහන්සේ ඉදිරියේ සියලු පුවත් ඉදිරිපත් කලායි පසුව තථාගතයන් වහන්සේ නැවතත් එම දහම් කතාව බොහෝ දෙනාගේ යහපත පිනිස දේශනා කර වදාළහ
.............................................................................................................
හැකිනම් මිතුරන් අතරෙත් බෙදා හරින්න
අපුටා ගැනිම:  #.....විමාන වස්තු ප්‍රකාරණයට අයත් දේව කතා....#
තව බොදුලිපි , බනකතා කියවිමට පිවිසෙන්නhttp://darmadanayapinisa.blogspot.com/
ජිවිතය ජය ගන්න සරල ක්‍රම

කවදාවත් කුමකටවත් පරක්කු නොවන්න.
කවදාවත් කවුරුවත් රවට්ටන්න එපා.
සරලව ජිවත් වන්න.
වැඩිපුර වැඩ කරන්න.
වැඩිපුර නිදා නොගන්න.
අවශ්‍ය ප්‍රමානයට පමනක් බලාපොරොත්තු වන්න.
නිතර සිනහවෙන් සිටින්න .
හහො මිත්ත්‍රයින්,හිතවතුන් කවදාවත් නැතිකරගන්න එපා. ,
සැම විටම අලුත් දෙයක් ඉගෙන ගන්න.
..........................................................................................................................
අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බෑ....
අපිට අනිත් මිනිසුන් වගේ වෙන්නත් බෑ....
ඇත්ත එකයි.
හැබැයි අපිට අපිව හදා ගන්න පුලුවන්!!!
අපිට අනිත් මිනිසුන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන්න බෑ.....
අනික අපිව සතුටු කරන්න අනිත් මිනිස්සු බැදිලත් නෑ....
හැබැයි අපි ඉන්නේ සතුටින් නම්: අපි වටේ ඉන්න
අපි අදරය කරන  අයව සතුටු කරන්න අපිට පුලුවන්.
අපි අපේ සතුට හදා ගන්නේ නැතුව  අනිත් මිනිසුන්ගෙන්
සතුට බලාපොරොත්තු වෙන එක වැරදියි.
ඒ හින්දා මහ ලොකු බලාපොරොත්තු  අත හැරලා, සරලව
සතුටින් , පුලුවන් තරම් වර්තමානයේ ජිවිතය ගත කරනන් බලමු.
අනික අපි මොන සෙල්ලම් දැම්මත් ,
කවදා හරි පොලවට පස් වෙනවනේ!!!!!
.................................................................................................................................
උපුටා ගැනිම #.....ගුන ජය සතුට පදනම.......#
හැකිනම් මිතුරන් අතරෙත් බෙදා හරින්න
බනකතා ,බොදු ලිපි කියවිමට පිවිසෙන්න
http://darmadanayapinisa.blogspot.com/
ප්‍රසන්න සිතින් දන් පුදා නිල් මැනිකෙන් වර්ණවත් වු දේව විමාන ලත් කාන්තාව

රජගහ නුවරදි එක් කාන්තාවක් තම නිවසෙහි සිටි කල්හි විතරාගී වු රහතන් වහන්සේ නමක් පින්ඩපාතය සදහා වැඩම කල කල්හි උන්වහන්සේ කෙරෙහි පහැදුන ඇය පසග පිහිටුවා වැද නීල වර්න වස්ත්‍රයක් අතුරා වැඩ සිටිමට  ආරාධනා කළාය. උන්වහන්සේට ශක්ති පරිදි දන්පිලියෙල කොට පුජා කලාය. ඇය පසු අවදියේ රොගාතුරව මරනයට පත්ව තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. වෙදුර්ය මාණික්‍යයෙන් යුත් විමානයක් ඇයට පහල වුවා ය. ඉසුරුමත් වු සෞභාග්‍යයෙන් පිරි ජිවිතයක් ගත කිරිමට අවශ්‍ය සියල්ලක් හා සියලු දිසාවන් බබළන සිරුරක් ඇය ලැබුවා ය. මුගලන් රහතන් වහන්සේට දෙව්ලොවදී හමු වු මෙම දෙවගනගේ ඉසුරුමත් බව දැක මිනිස් ලොව දි කළ පින්කම් ගැන විමසුහ . දේවතාව්යෙනි සුවදවත් මලින්  හා දැකුම්කලු වස්ත්‍රවලින් බබලන අල0කාරවත් වු ඔබ වැහි වලාකුලු අතර බබළන විදුලියක් සේ නිලවර්ණ මැනිකෙන් දිදුලන ඔබගේ ආසනය කමැති තැන්වලට සිතේ වේගය මෙන් ගමන් කරයි. සිතු පැතු සම්පත් ලැබෙයි . සියලු දිසාවන් ආලොකමත් කරන මේ ඔබේ බැබ ළෙන සිරුර කුමක් නිසා නිසා ලැබුවෙහි ද? මිනිස් භ්වයෙහි සිටියදි කල පින්කම් කුමක්දැ යි දැන
ගන්නට කැමැත්තෙමියි ප්‍රකාශ කලහ.
ස්වාමීනි, මිනිස් ලොව දි පු0චි පින්කමක් කෙළෙමි. ප්‍රසාදය ජනිත වන අයුරෙන් වඩින රහතන් වහන්සේ නමක් දැක පැහැදි වැද පිලිගෙන ආහාර පානාදියෙන් පුජා කොට අසනයක් පුජා කලෙමි . එ හෙතු කොටගෙන වර්නවත් බව ද සැප සම්පත් ද ප්‍රිය උපදවන  සම්පත්ද ලැබුවෙමි . හිමියනි රහතන් වහන්සේ  නමකට ආසනයක් පුජා කළෙමි .එදා ඒ කල පින්කම නිසා විපාක වශයෙන් සියලු දිශාවන් අලෝක කරන වර්නවත් බවක් ලදිමි යි දෙවගන ප්‍රකාශ කලාය. දේවතාවියන් පිරිසට දහම් දෙසා මුගලන් තෙරනුවෝ බුදුරජානන් වහන්සේ හමුවට පැමිණ සියල්ල ප්‍රකාශ කිරිමෙන් පසුව බොහො දෙනාට පින් කිරිම සදහා පෙළා සියල්ල බුදුරජානන් වහන්සේ දේශනා කලහ..

 උපුටා ගැනිම #....විමාන වස්තු ප්‍රකරණයට අයත් දෙව කතා....#
හැකිනම් මිතුරන් අතරෙත් බෙදා හරින්න
....සියලු බන කතා ,බොදු ලිපි කියවිමට පිවිසෙන්න http://darmadanayapinisa.blogspot.com/

Thursday, May 23, 2013

මිනිස් මහිම......
මේ විශ්වයෙහි මිනිසාට ඒකීය වූ ද වැදගත් වූ ද තත්ත්වයක් දෙමින් මිනිසා දෙවිවරුනට වඩා උච්ච ස්ථානයක තබන ලද එකම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යි. සැබවින්ම මෙලොව මිනිසාට වඩා උතුම් වූ අන් දෙයක් නොමැති අතර මිනිසා තුළ සිතට වඩා උතුම් වූු දෙයක් නොමැත.
මිනිසා තුළ පවත්නා ශක්තිය හා හැකියාව ලෝකෝන්තර සර්ව බලධාරී දෙවි කෙනෙකුගේ ආධාරයක් නොමැතිව අධ්‍යාත්මික වර්ධනය පිළිබඳ මුදුන් පෙත්ත දක්වා දියුණු කළ හැකි බව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සේවයෙහි යෙදුණු පන්සාළිස් වස පුරා අවධාරණයෙන් යුතුව දැක් වූ සේක. බුදුකෙනකු වීමේ භාග්‍යය පවා ලබා ඇත්තේ මිනිසකු බව සලකා බලන කළ විශ්වයෙහි මිනිසා සතුව පවත්නා අත්‍යුත්තම තත්ත්වය පිළිබඳ සැකයක් නැත.
ආගමික ශාස්තෘවරයන් අතර බාහිර ආධාරයක් නොමැතිව ස්වකීය විමුක්තිය වෙනුවෙන් ක්‍රියාකිරීමට මිනිසා සතුව ඇති බලය පිළිබඳ තත්ත්වාකාරයෙන් දැනගත් එකම උතුම් බුදුරජාණන් වහන්සේ යි. මනුෂ්‍යත්වය නගාලීමෙහිලා ක්‍රියාකරනු ලබන ආකාරයෙන්ම නියම උතුමකුගේ අගය මනිනු ලබනුයේ නම් ශ්‍රේෂ්ඨ උත්තමයකු ලෙස බුදුරජාණන් වහන්සේ හැර අන් කවරකු හැඳින්විය හැකිද? මිනිසාට ඉහළින් අන් කෙනෙකු තබා මිනිසා පහත හෙළනු වෙනුවට බුදුරජාණන් වහන්සේ මිනිසා ප්‍රඥාවේ හා කරුණාවේ මුදුන් පෙත්තට නැංවූසේක. භෞතික දැයෙහි ඇලී ගැලී සිටින නූතන මිනිසාට අධ්‍යාත්මික ආලෝකය ලබාදී සියලු බැමිවලින් මිදීමෙන් ලැබෙන අවසාන විමුක්තිය කෙරෙහි යොමුව ඇති මාර්ගය බුදු දහමින් පෙන්වා දී ඇත. ආධ්‍යාත්මික වහල් භාවයෙන් යුතුව අන් ආගම් විසින් විශේෂ වරප්‍රසාද ලත් තැනැත්තෙකු වෙනුවෙන් වෙන්කොට තබා ඇති මිනිස් සිත, ස්වාධීන උත්සාහයකින් සාමකාමී වූද, සමාන්තභද්‍ර වූද, දුබල ආධ්‍යාත්මික වාතාවරණයකට ගමන් කරවන අන්දම බුදුරජාණන් වහන්සේ මිනිසාට දක්වා වදාළහ. එසේ කිරීම මගින් උන්වහන්සේ මිනිසාට ඉහළම ගෞරවය දී වදාළහ. සම්භාවනීය දර්ශනවාදියකු මෙන්ම පඬිවරයකු ද වන රාධ ක්‍රිෂ්ණතුමා ඉහත දැක්වෙන අදහස සනාථ කර ඇති අන්දම පහත සඳහන් පාඨයෙන් පැහැදිලි වෙයි. ‘’ස්වකීය වගකීම්භාරය බාහිර මඟකින් ඉටු වනතුරු මිනිසා බලාසිටින තෙක් ඔහු ජීවිතයේ සුබ අංශය නගාගැනීම සඳහා තමන් සතුව පවත්නා බලය නොයොදවයි’.
බුදුදහමට අනුව මිනිසා සංශෝධනය කළ නොහැකි පව්කාරයෙකු ලෙසද සදාකාලික වැරැදි කරුවෙකුගේ ඉරණමකට මුහුණ පා සිටින්නකු ලෙසද හඳුන්වනු නොලැබෙයි. බිහිසුණු සොරකු වූ අංගුලිමාල චරිතය ගැන සලකා බලන කල්හි දරුණු මිනීමරුවකුට පවා යහපත් උවදෙස් ලැබීම හේතුවෙන් එක් භවයකදීම රහත් තත්ත්වය ලබා ගත හැකි වූු බව පැහැදිලි ය. ඇත්ත වශයෙන්ම අංගුලිමාල රහතන් වහන්සේ කෙනකු බවට පරිවර්තනය කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ඈත අනාගතයේදී දේවදත්ත පසේබුදු තත්ත්වයට පත්වනු ඇත. සර්ව නිර්දෝෂි තත්ත්වයට පත්වීම වෙනුවෙන් මිනිසා සතුව පවත්නා අසීමිත බලය මෙයින්ම ඔප්පු වන්නේ්ය.
මහණනි, භික්ෂුවක මගේ සිවුරු කොනෙහි එල්ලි මා පසුපස පියවරෙන් පියවරට ගමන් ගනිතත් ඔහු මසුරුබවින් යුක්ත නම්, කම්සැප කෙරෙහි තද ඇල්මක් දක්වනුයේ නම්, ක්‍රෝධ කරයි නම්, දූෂිත නම් ඒ තැනැත්තා මා කෙරෙන් ඈත්ව සිටින්නේ ය. මමද ඔහු කෙරෙන් ඈත්වම සිටින්නෙමි. මෙයට හේතු කවරේද? මහණනි, ඒ තැනැත්තා ධර්මය නොදකී. ධර්මය නොදැකීමෙන් හෙතෙම මා නොදකියි. එහෙත් මහණනි, එම භික්ෂුව මා කෙරෙන් යොදුන් සියයක් ඈත්ව විසුවද ඔහු මසුරු නොවේ නම්, කම්සැප කෙරෙහි තදින් එල්බ නොගනුයේ නම් ඔහු මා සමීපයෙහි සිටින්නේ ය. මමද ඔහු සමීපයෙහිම සිටින්නෙමි. මෙය මෙසේ වනුයේ ඇයි? එම භික්ෂුව ධර්මය දකින්නේ ය. ධර්මය දැකීමෙන් හෙතෙම මා දකින්නේ ය. කෙනෙක් සුපරික්ෂාවෙන් යුතුව බෞද්ධ ග්‍රන්ථ කියවනුයේ නම් විමුක්ති මාර්ගය ඔස්සේ දියුණුව ලබා ගැනීමෙහිලා පෞද්ගලික වෑයමෙහි තමා කෙරෙහි විශ්වාසය තැබීමෙහි හා අප්‍රමාදයෙහි ඇති අගය පිළිබඳ අවධාරණයෙන් සඳහන් කොට ඇති අන්දම පැහැදිලි වනු ඇත. ඉන් අවස්ථා කීපයක් මෙසේ උපුටා දැක්විය හැකි ය. සුත්ත නිපාතයෙහි බුදුරජාණන් වහන්සේ මෙවැනි ප්‍රබෝධ කරවන සුලු වාග් මාලාවකින් භික්ෂුවට අවවාද කොට ඇත. ‘අවදි වනු, උදාසීන නොවනු, විමුක්තිය වෙනුවෙන් අනලස්ව ක්‍රියා කරනු’.
අංගුත්තර නිකායෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූනට මෙසේ අවවාද කොට ඇත. මහණෙනි, මේ ධර්මය උත්සාහවන්තයාට කාර්යශූර වූ කාර්යක්ෂම වූ, ධීර වූ තැනැත්ාටම ය. කුසීතයාට නොවෙයි. නැවතත් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායෙහි දී අනුස්මරණීය වූ ද, සිත්ගන්නා සුලු වූද, වාග් මාලාවකින් භික්ෂූන් අමතා ඇත. මහණනි, සැබවින්ම උත්සාහවන්ත තැනැත්තාට මෙලොව ලබාගත නොහැකි සැපත කුමක්ද? සම් , ඇට, නහර පමණක් ඉතිරි වී ශරීරගත ලේ මස් වියළී ගියද පුරුෂ ධෛර්යයෙන් වීර්යයෙන් හා අප්‍රමාදයෙන් ලබාගතහැකි එම තත්ත්වය ලබාගන්නා තුරු ධෛර්යයෙහි නම් අඩුවක් කරගත යුතු නොවේ.
තවද අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායෙහි මෙසේ ශ්‍රාවකයන් ධෛර්වන්ත කර ඇත. අරුතක් පිදුරු වහලක් විනාශ කරන මෙන්, පුබුදු වී වෙර වඩනු. ශාසනයෙහි වෙර වඩා ක්‍රියා කරනු. මෙසේ මාරයන් (කෙලෙස්) පලවා හරිනු. මේ ශාසනයෙහි යම් කෙනෙක් සතියෙන් හා සුපරීක්ෂාවෙන් කල් යවනුයේ නම්, ඒ තැනැත්තාට පුනරුත්පත්තියක් නොමැත. හේ දුකෙහි අවසානයක් දකින්නේ ය.
සසර දුකින් විමුක්තිය ලැබීමට මිනිසා සතු බලය මෙයින් අපට පැහැදිලි වෙයි. මහ පඬිවරුවනක් වූ රීස් ඩේවිඩ්ස් මහතා මෙසේ කියයි. මෙතරම් චාම් ස්වභාවයක් උසුලන්නා වූද, අධිමානුෂික බලවේග කෙරෙන් නිදහස් වූ නිවහල් වූ එමෙන්ම මැවුම්කාර දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීමකින් තොර වූ මෙවැනි විමුක්ති මාර්ගයක් ගැන ලෝක ඉතිහාසයෙහි කිසි කලෙකත් දක්නට නොලැබිණි. මේ ක්‍රමය සාවද්‍ය හෝ නිවරද්‍ය හෝ වේවා ආත්ම දමනය හා ප්‍රතිපත්ති වර්ධනය වෙනුවෙන් වෙර වැඩීමෙන් චිත්තාභ්‍යන්තරයෙහි ඇතිකර ගත හැකි වෙනස පිළිබඳ විවිධ ආගම් ඉතිහාසයෙහි අමුතු පිටුවක් පෙරළන ලද්දකි.
ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය පමණක් නො තබා කරුණු විග්‍රහකර බැලීමෙන් තමාට ඒ ඒ දෑ අවබෝධ කර ගැනීමෙහිලා මිනිසා සතුව ශ්‍රේෂ්ඨ බලයක් ඇති බව, බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක. පහත දැක්වෙන පාඨය මේ කරුණ මනා සේ පැහැදිලි කරයි.
වාර්තාවලින් උරුමයෙන් හා මුඛ පරම්පරාගත දෙයින් සපයාගන්නා ලද දෑ පිළිබඳ විශ්වාසයෙන් හෝ එසේත් නැතිනම් යම්කිසි සිද්ධාන්තයක් පිළිබඳ මෙනෙහි කොට එය පිළිගැනීමෙන් පසු එසේ නැතිනම් එය පිළිගත යුතුªදෙයක් මෙන් පෙනෙන බැවින් එසේත් නැතිනම් එවැනි දෘෂ්ටියක පිහිටා සිටින පරිබ්‍රාජකයකු කෙරෙහි ගෞරවයෙන් හෝ කිසිවක් පිළිගැනීම අවශ්‍ය නොවේ යැයි බුදුන් වහන්සේ දෙසූහ.එහෙත් කාලාමයෙන් ප්‍රඥායන් විසින් මෙවැනි දෑ පිළිකුල් කරනු ලබන බව ඔබ දන්නා කල මෙවැනි දෑ ක්‍රියාත්මක වූ කළ එය පිරිහීමට ශෝකයට තුඩුදෙන කල සත්‍ය වශයෙන්ම එවැනි දෑ ඔබ විසින් එවැනි දෑ අත්හළ යුතු වෙයි. එහෙත් ඕනෑම අවස්ථාවකදී මෙවැනි දෑ කෙනෙකුගේ සුබ සිද්ධියට ඉවහල් වනුයේ නම් ඒවා දෝෂ සහගත දෑ ‍ෙනාවෙයි. කෙනකුගේ සුබ සිද්ධියට හා පී‍්‍රතියට ඉවහල් වන එවැනි දෑ පිළිගැනීමෙන් පසු ඔබ ඒවා පිළිපැදිය යුතුයි. (අංගුත්තර නිකාය)
භෞතික විද්‍යා හා කාර්මික විද්‍යා ක්ෂේත්‍රයෙහි මිනිසා විශාල දියුණුවක් ලබා ඇත. මනුෂ්‍ය සිතෙහි බලපරාක්‍රමය හේතුවෙන් මිනිසා අද සුව පහසුකම් රැසක් භුක්ති විඳින්නේ ය. සියලු සැප පහසුකම් හා බාහිර පී‍්‍රතිය ලබා ගැන්ම උදෙසා මිනිසා භෞතික අවහිරකම් අබිබවා ඇත. එහෙත් ඔහු ස්වකීය සිත පිළිබඳ පවත්නා ගුප්ත දෑ හෙළිකර ගැනීමට හා ස්වකීය චිත්තාභ්‍යන්තරයෙහි සාමය හා පී‍්‍රතිය පිළිබඳ පවත්නා මහා නිධාන සොයා ගැනීම වෙනුවෙන් ස්වකීය ශක්තිය හා උත්සාහය නොයෙදවීම කනගාටුවට කරුණකි. ඔහු අවකාශ තරණයට වැර වඩන නමුත් තවමත් ඔහු තමා ජය ගැනිමට සමත් වී නොමැත.
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසතිවා කරොතිවා
තතොනං සුඛ මන්වෙති
ඡායාව අනපායිතී’
සිත දියුණු කිරීම මගින් කෙනෙක් දිබ්බචක්ඛු ඤාණය ලබාගෙන ඒ ඒ සත්ත්වයා ස්වකීය පින් පව්වලට අනුව මැරී ගොස් නැවත උපත ලබන අන්දම දැන ගැන්මට අවස්ථාව ලබා ගනියි. මෙසේ හෙතෙම කර්ම නියාමය පිළිබඳ සත්‍යය ද දැක්මට සමත්වෙයි. මොහුට පුර්වේනිවාසානුස්මෘති ඥානයද ලබාගත හැකි අතර, ඔහු තමන් පිළිබඳ අතීත භව දහස් හෝ කෝටි ගණන් දක්වා ආපසු දැක්මට සමත් වෙයි. තවද අතීත භවයන්හිදී තමා සතුව තිබුණු විශේෂ ලක්ෂණ හා සළකුණු ද ඔහුගේ සිහියට නැගෙයි. මෙසේ මෙතෙම පුනරුත්පත්තිය පිළිබඳ ඉගැන්වීමෙහි ඇති සත්‍යතාව තමාම දකියි. තවද, අන් අයගේ සිත් කියවීමට ද මොහුට හැකියාව ලැබෙයි. මසුරු තැනැත්තා මසුරු ලෙස ද නොමසුරු තැනැත්තා නොමසුරු ලෙසද, යන ආකාරයෙන් යථා තත්ත්වය දැක්මෙහි හෙතෙම සමත් වෙයි. තවද, මොහුට ඉද්ධි බලය ද උපදවා ගත හැකි යි. එක් තැනැත්තෙකු මෙන් සිට බොහෝ රූ මවා ගැනීමෙහි හෙතෙම සමත් වෙයි. මෙසේ බොහෝ රූප මවා ගැන්මෙන් පසු ඔහුට නැවත එක් තැනැත්තෙකු ද විය හැකි ය. කිසිම අවහිරයක් නොමැතිව මොහුට පවුරු කඳු හරහා ද අවකාශයෙහි ගමන් ගන්නාක් මෙන් යා හැකි ය. පොළොව මතුපිට ගමන් කරන්නාක් මෙන් මොහුට දියෙහි ද ගිලීමක් නොමැතිව යා හැකි ය. මේ සියල්ලටම වඩා ඔහු ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය ලබා ගැන්මෙහි සමත් වෙයි.
එනම් සියල්ල ක්ෂය කිරීමෙන් ලබන චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම ලැබීමයි. මෙවැනි ඤාණ ලබා ගැනීමට ඉවහල් වන පිළිවෙත බෞද්ධ ග්‍රන්ථයන්හි පැහැදිලි ලෙස දක්වා ඇත. කෙටියෙන් පවසනුයේ නම් එය සිල්වත් දිවිය, ඉන්ද්‍රිය දමනය, සතිය වැඩීම පැහැදිලි චින්තනය හා සන්තුෂ්ටියෙන් යුක්තවීමය. දෙවැනි පියවර වන සමාධිය ලබා ගැන්ම සඳහා මේවා බෙහෙවින් අවශ්‍ය වෙයි.
සිත සමාධිගත වීමත් සමග සිතට බාධකව පවත්නා පංචනීවරණ ධර්ම යටපත් වීමෙන් සිත නිසංසල වෙයි. එකඟ වෙයි. එමෙන්ම බලවත් වෙයි. ධ්‍යාන උපදවා ගැන්මෙහි සමත් වෙයි. මෙවැනි සිතකින් කෙනෙක් ඒ ඒ දෑ පිළිබඳ පවත්නා යථා තත්ත්වය දැක්මෙහි සමත්වන අතර ඉහත සඳහන් ඉද්ධි බල ද උපදවා ගනියි....budusarana on line....


Friday, May 17, 2013

නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතාවිය

රජගහනුවර නගරාසන්නයේ එක්තරා දිළිඳු ස්ත්‍රියක් විසුවා ය. රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ ඇය තම ශක්ති ප්‍රමාණයෙන් අවස්ථානෝචිත ලෙස දානාදී පින්දහම් කරමින් දැහැමි දිවියක් ගත කළා ය. දිනක් එක්තරා රහතන් වහන්සේ නමක් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙමින් එම කාන්තාවගේ නිවස අභියසට වැඩම කළ සේක. මෙම දසුනින් අපමණ පී‍්‍රතියට පත් වූ ඕ තොමෝ වහාම උන්වහන්සේට ආරාධනා කළහ. ඇය විසින් නීල වස්ත්‍රයක් අතුරන ලද ආසනයක් භික්‍ෂූන් වහන්සේට ඉඳ ගැනීමට සැලැස් වූවා ය. දන් පිළියෙළ කළ ඇය එය මහත් ශ්‍රද්ධාවෙන් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වූවා ය.

කාලයාගේ ඇවෑමෙන් කිසියම් ව්‍යාධියකට පත් වුණු ඇය මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. පෙර භවයේ භික්‍ෂූන් වහන්සේ නමකට අසුනක් පිදීමේ මහඟු පිනෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබූ ඇයට නීල මාණික්‍යමය දිව්‍ය විමානයක් පහළ වූවා ය. රූප සම්පත්තියෙන් ද යස ඉසුරින් ද සිතූ පැතූ සම්පත් ලැබීමෙන් ද භාග්‍යවන්ත වූ ඇය අනෙකුත් දෙවඟනන් අතර සුවිශේෂී වූවා ය.

සුපුුරුදු ලෙස දෙව්ලොවට වැඩම කළ මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙවඟන හමු විය. තෙරුන් වහන්සේ දුටු දෙවඟන වහා විමානයෙන් බැස උන්වහන්සේට වැඳ නමස්කාර කර එකත් පස්ව සිටියදී මුගලන් මහරහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසූ සේක.

“වෛධූර්ය මාණික්‍යමය විමානයක් සහ මහානුභාව සම්පන්න අසුනක් ලබා සකලඓශ්වර්යයෙන් බබළමින් දෙව්ලොව පුරා මහත් උද්දාමයෙන් චාරිකා කරන්නා වූ පින්වත් දේවතාවිය, මෙබඳු මහත් වූ සම්පත්තියක් ලැබීමට මනුෂ්‍ය ලෝකයේ දී ඔබ විසින් කවර නම් පින්කමක් කරන ලද්දෙහි ද?” දිව්‍ය සැප ලැබීමෙන් මෙන්ම එබඳු සම්පත්තියක් ලැබීමට හේතු වූ කුසල කර්මය සිහිපත් වීමෙන් ද මහත් සතුටට පත් ඇය, ඊට පිළිතුරු දුන්නේ මේ අන්දමිනි.

“ස්වාමීනි, මහ රහතන් වහන්ස, මිනිස් ලොවෙහිදී මහත් වූ කුසල කර්මයක් කරන්නට තරම් ශක්තියක් මට නොතිබිණි. එහෙත් සැදැහැ සිතින් මගේ ශක්ති ප්‍රමාණයෙන් දන් පින් කිරීමෙහි නිරත වූයෙමි. ඒ අතර එක් දිනක් පිඬු සිඟා වැඩි රහතන් වහන්සේ නමකට නිල්වන් ඇතිරිල්ලක් යොදා අසුනක් පිළිගන්වා දන් පූජා කළෙමි. මේ දිව්‍ය ඓශ්චර්යය මට පහළ වූයේ ඒ පින් මහිමයෙනි. ”සුළු වූ ද පුණ්‍ය කර්මයකින් මහත් ඵල මහානිශංස ලැබිය හැකි බව මේ කථාව උපයෝගී කර ගනිමින් තව්තිසා දෙව් ලෝ වැසියන්ට වටහා දුන් මුගලන් මහ තෙරුන් වහන්සේ, මිනිස් ලොවට පැමිණ මේ කථා පුවත බුදුරජාණන් වහන්සේට ද සැල කළහ.

මේ පුවත අර්ථොත්පත්ති කර ගනිමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සිවුවනක් පිරිසට දානානිශංස දක්වා ධර්මදේශනා කළ සේක.

උණුවතුරබුබුලේ මහින්ද හිමි

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි
පෙර අකුසල පලදී දුක් විඳි යුවළක්

සත්ත්වයා මේ සංසාරයට බැඳී ගමන් කරන්නේ කර්මය නිසා ය. කුසලාකුසල කර්ම හේතු කොට ගෙන, ඒ හේතුවේ ඵලය වශයෙන් සැප දුක් විඳිමින් සංසාර ප‍්‍රවාහයට එක්ව දිගින් දිගට විවිධ ආත්ම භවයන්හි ඉපදෙමින් මැරෙමින් ගමන් කරති.

“කරන කලට පව් මීරිය මීසේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” කියන්නා සේ මිනිස් භවයේ උපත ලැබූවත් බොහෝ දෙනකුට වස්තු සම්පත් ලැබී සැප විඳින විට පරලොවක් ගැන සිතන්නට පවා නොසිතෙයි. එහෙත් දුක් විඳින්නට සිදුවූ විට හඳහන රැගෙන දෛවඥයන් කරා ගොස් මේ “නරක කාලයට” හේතු විමසයි.

දේවාල කරා ගොස් පුද පූජා තබමින් “අනේ; දෙයියනේ පස්වාන් දහසකට බුදුවෙන්ඩ. ඔබවහන්සේ ගේ දිව නෙතින් බලා දිව නැනින් අසා මේ අසරණ ගැත්තාට අනුකම්පා කොට පිනට පිහට වෙන්නැ’යි යදිති.

එහෙත් මොහු පුළුවන් කාලේ කළ කී දේ දෙවියෝ දනිති. දෙවියෝ පමණක් නොව මහිද්ධික පෙ‍්‍ර්තයෝ පවා දනිති. මිනිසා විසින් රහසේ, කාටත් හොරෙන් යැයි සිතා කරන වැරැදි කි‍්‍රයාත්, යහපත් කි‍්‍රයාත් මේ විශ්වයට රහසක් නොවේ.

අකුසල කර්ම විපාකයකට ගොදුරු වී දුක් පීඩා විඳින කාන්තාවක ගේ කතාවකි මේ. කුමක් හෝ කුසල කර්මයක ආනිසංසයෙන් ඇය මිනිස් භාවයක් ලබා උපත ලබා ඇත.

ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලකින් අධ්‍යාපනය ලබා විභාග සමත් වී සෞඛ්‍ය අංශයේ වැදගත් යැයි සම්මත රැකියාවකට පත් වූවාය. එසේ ම පෞද්ගලික සේවයේ ද විශාල ආදායමක් ඉපැයූ සෞඛ්‍ය අංශයේ ම කෙනකු සමඟ විවාහ වූවාය.

විවාහයෙන් පසු ඇය නිතර යම් බඩේ වේදනාවකින් පීඩා විඳින්නට වූවාය. පිළිසිඳ ගැනීම් සිදු වුව ද මාසයෙන් දෙකෙන් ගබ්සාවීම වළක්වා ගන්නට බැරි විය. ඒ අතර ම ඇගේ ස්වාමියා උපයනා මුදල් නිකරුණේ වැය වන තත්ත්වයක් ද උදාවීය.

නිතර රිය අනතුරු සිදුවෙමින්, එම රිය අනතුරු ඔහුගේ වරදින් සිදුවීම නිසා තුවාලකරුවන්ට හා බාහිර දේපළවලට ලක්ෂ ගණනින් වන්දි ගෙවන්නට සිදුවීය. එසේ ම බිරියගේ ගර්භාෂගත රෝග තත්ත්වයට ද ලක්ෂ ගණනින් වියදම් කොට ප‍්‍රතිකාර කරන්නට ද සිදුවීය.

වෛද්‍ය ප‍්‍රතිකාර හැරෙන්නට වෙනත් ආධ්‍යාත්මීය කටයුතු හෝ වත් පිළිවෙත් හෝ කෙරෙහි විශ්වාසයක් නොතැබූ මේ අයගේ දුක් පීඩා දිනෙන් දින දෙගුණ තෙගුණ වන්නට ද වීය. බැරි ම තැන ඥාතියකුගේ මඟ පෙන්වීමක් අනුව මේ දෙදෙනා ගලිගමුවේ ඥානදීප හිමියන් හමුවීමට පැමිණියහ.

ඇගේ යටිබඩ දරුණු කටුවකින් හෝ නියපොතුවලින් සූරනවා සේ දැනෙන බවත්, නින්දේදී ශාරීරික වේදනා නිසා බොහෝ සේ දඟලන බවත්, මේ හේතුව නිසා උදේ වන විට ගබ්සා වී ඇති බවත් දැනට විසි වතාවක් පමණ ගබ්සාවී ඇති බැවින් දරු සම්පත් අහිමි වී ඇතැයි ද අනාවරණය විය.

බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර අනුව මේ අඹුසැමි දෙදෙනා ම නීරෝගී බවත් සරු බවත්, මෙසේවීමට කිසිදු අඩුපාඩුවක් හෝ හේතුවක් හෝ සොයා ගැනීමට නොහැකි වූ බවත් ඇගේ සැමියා පැහැදිලි කළේය.

මේ ගවේෂණයේ දී අනාවරණය වූයේ මේ අඹුසැමි යුවළ පෙර භවයක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවත්, එහි දී මෙම කාන්තාව හෙදියක් ලෙස එම කටයුත්තේ ප‍්‍රධාන කාර්යයන් කි‍්‍රයාත්මක කළ බවත් එසේ ගබ්සා කිරීම්වලදී එම ගැබ්වලට ප‍්‍රවිශ්ට වී සිටි ගන්ධබ්බයන් ඇය කෙරෙහි අමනාපයෙන්, වෛරයෙන් ඉවත්ව ගොස් අමනුස්සයින් වී ඉපිද ඇය සොයාගෙන ඇවිත් ඇගේ ගර්භාෂයට පීඩා කොට පිළිසිඳ ගැනීම් විනාශ කරන බවත්ය.(ප්‍රලය වීම, මෝහනය සහ විවිධ ආධ්‍යාත්මික ක්‍රම මගින් මෙලෙස පෙර භවයන් දැනගැනීමටත්, ගවේෂණය කිරීමටත් කල හැක)

මිනිස් ලොව උපතක් ලැබීමේ අපේක්ෂාවෙන් කාන්තාවන්ගේ කුසට පැමිණි ගන්ධබ්බයන්ට පීඩා කොට, ගබ්සා කැර, ඉවත් කිරීමේ පාපයේ ආදීනවය මෙසේ ඇය පසු පස පැමිණ ඇත.

අපේක්ෂාවන් බිඳුණු වෛරයෙන් අමනුස්ස භාවය ලැබූවෝ ඇගේ කළල විනාශ කරති.

මේ අතර බලවතුන් අතින් ගැබ්ගත් තරුණියන් ඔවුන්ගේ අකැමැත්ත ඇතිව ගබ්සා කරවීම්වලට ලක් කිරීම නිසා ඒ තරුණියෝ වෛරයෙන් මැරී යක්ෂණියන්ව පැමිණ ඇගේ ශරීරයේ රුධිරය උරා බීම ද සිදුවීය.

මේ අතර ඇගෙන් පළිගැනීමට ආ තවත් තිදෙනෙක් වූහ. ඒ බලවතකු නිසා ගැබ්ගෙන ගබ්සාවකට ලක් වී සියදිවි හානි කැර ගත් තරුණියක ගේ අමනුස්ස ආත්මයයි.

ඇය ගබ්සාවට ලක්වීමේදී ඇගේ කුසෙහි නිවුන් දරු උපතකට අවශ්‍ය ගන්ධබ්බයින් දෙදෙනකු පිළිසිඳ සිටියහ. ඒ ගබ්සා වෙන් පසු අධික රුධිර වහනයෙන් හා සිත් වේදනාවෙන් පීඩාවට පත් තරුණිය සිය දිවි හානි කැර ගත්තාය. එයින් පසු අමනුස්ස භාවයන්හි උපත ලැබූ ඇයත් ගන්ධබ්බයන් දෙදෙනාත් එක්ව පළිගැනීම ආරම්භ කළහ.

ඔවුුන් පළමුව ම කළේ ඇය රවටා අමාරුවේ දැමූ බලවතාගෙන් පළිගැනීම ය. ඔහුගේ අපල කාලය කර්මානුකූලව එළැඹෙන තුරු බලා සිට ඔහුගේ මනසට බලපෑම් කොට අධික ලෙස මත්පැන් පානය කරවා, වේගයෙන් මෝටර් රථය පැදවීමට පොළඹවා, මනස අවුල් කොට නිදිමත ගන්වා රිය අනතුරකට ලක්කොට මරා ගත්හ.

එපමණක් නොව මේ යක්ෂණිය ඔහුගේ තුවාල වූ මළ සිරුරෙන් නිකුත් වූ රුධිරය ද උරා බීවාය. දැන් ඒ තිදෙනා ම මේ කාන්තාවගෙන් පළිගැනීම ආරම්භ කොට ඇත.

මේ වැනි බරපතළ අකුසලයනට පිළිවෙත් නියම කිරීම ඉතා ම අපහසු ය. තමන් කළ අකුසල කර්මය තමා ම ගෙවිය යුතු ය. ඒ න්‍යාය යටතේ මුළු ජීවිතය ම තෙරුවනට පූජා කොට වීර්යයෙන් භාවනා කළ යුතුය.

විශේෂයෙන් ම ගර්භණීන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරපාන හා ඖෂධ පරිත්‍යාග කළ යුතුය. කුඩා දරුවන්ට ආහාර පානාදියෙන් නිතර සංග‍්‍රහ කළ යුතුය. මුළු ජීවිත කාලය පුරා ම නොකඩවා මෙසේ දන් පින් කළ යුතු යැයි ද උපදෙස් දුන්හ. එසේ ඉටු නොකළහොත් අතීතයේ කරන ලද අකුසල කර්මයේ විපාක ගෙවීමට සිදුවන බවත්, එය වෙනත් කිසිවකු විසින් කරන ලද දෙයක් නොව තමන් විසින් ම කරන ලද පාපයේ ආදීනව ය බව ද පැහැදිලි කළහ.

මේ අතර මිච්ඡාජීවයෙන් හෙවත් වැරැදි ජීවනෝපායයෙන් මුදල් ඉපැයීමේ කර්ම විපාකය වෙනුවෙන් තොවිල් පවිල් සඳහා යකැදුරන්ට වියදම් කළ හැකි බවත් එයින් ලබන තාවකාලික සුවයකට වඩා අර්ථවත් පින්කම්වල යෙදී පූර්ණ අකුසල ශක්තිය යම් ප‍්‍රමාණයකින් හෝ යටපත් කරන්නට කුසලයෙහි ම යෙදිය යුතු යැයි ද උපදෙස් දුන්හ.

Rightmindfullness වෙබ් අඩවියෙනි.

Monday, May 13, 2013

ඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතුවන කර්ම෴

ඔබත් තවමත්" නිවන් මග " සමග එක් වී නැතිද?
එක්වන්න අප සමග - The way of Nibbana-නිවන් මග

එක්වන්න අප සමග - භව කර්ම (Bawa Karma)

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,මහරැඹෑවැවේ පාලිත හිමි

~ අඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතු~

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා ඉස්සාමනකො හොති, පරලාහසක් කාර ගරුකාරමානනවන් දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති. අප්පෙසක්ඛසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - ඉස්සාමනකො හොති, පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අන් අයට ලැබෙන ලාබ සත්කාර ගරුකිරීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයිද, සිත දූෂිත කරගනියි ද, වෛර බැඳ ගනියිද මෙසේ ඔහු හෝ ඇය අන් සැපතට ගැරහීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අල්පේශාක්‍ය වෙයි. මෙය අල්පේශාක්‍ය වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

පිංවත් ඔබත් සම්පත් අඩුව ඉපදීමට කැමැත්තෝ නොවෙති,නිවන් දකින තුරාවට සසර උපනූපන් ජාතිවල සියළු සම්පතින් සපිරි ජීවිත ලබාගැනීමට ඔබ කැමති නම් ඉහත දක්වන ලද අකුසල ප්‍රතිපදාවෙන් ඉවත් වෙන්නනාන් අයට ලැබෙන ලාබ සත්කාර ගරුකිරීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරන්න, සිත දූෂිත කර නොගන්න, වෛර බැඳ නොගන්න එයින් ඔබ ජීවිතයේ මහත් අස් වැසිල්ලක් ලබනවා ඇත. අන් අයගේ ලැබීම් වලට ඊර්ෂ්‍යා කලද ඔවුන්ගේ ලැබීම් වෙනස් නොවනු ඇත මන්ද ඒ ඔවුන් ලබන්නේ පෙර ජාති වලදී ඔවුන් විසින් කරන ලද කුසල කර්ම වල විපාකයන් වන බැවිනි.එමගින් විනාශ වන්නේ ඔබමය,එම නිසා අනුන්ගේ සැපතෙහි මැදහත්ව වාසය කරන්න.එයින් ඔබට නිසැක සුව අත්වෙයි,,,

~~~~තෙරුවන් සරණයි~~~~
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)
The way of Nibbana

බුදුසරණ ඇසුරෙනි
බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද
මේ ගැන මුලින්ම කතා කිරීමට පෙර අපි ශාක මිනිස් සිතිවිලි කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳුද කියා සොයා බැලිය යුතුය
ශාක යනු ජීවීන් විශේෂයක්ය ....ඔවුන්ටද හිතන්න පතන්න පුළුවන්ය ....ඔවුන්ට පුද පුජ පැවැත්වීම අතීතයී පටන් සිදී වූවකි ...බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සඳහා උපකාරී වූයේ බෝ ගසයි ...උන්වහන්සේද බෝධියට කාලගුණ සලකුවේ නැද්ද ....එසේ නම් එහෙම කරන්නට හේතු මොනවාද
ගහ කොළ ගැන අද්යාත්මික බලවේග හෝ ශක්තීන් ගැන සොයාබැලීම සඳහා ලොව පුරා විද්වතුන් යොමු වීමට හේතුව පොලිග්රාෆ් නමැති යන්ත්‍ර පිළිඹඳ විද්‍යාඥයකු වූ ඇමරිකන් ජාතික ක්ලීව් බැක්ස්ටර් විසින් සොයා ගන්න පරීක්ෂනයකින්ය .කෙනෙක් බොරු කියනවාද නැද්ද යන්න සොයා බලන මෙම යන්ත්‍රය ගල්වනොමීටරයකට සමාන වේ ..තම පරීක්ෂනාගාරයේ සිටින අවස්ථාවකදී එහි තිබූ පැලයකට වතුර ටිකක් දමා පොලිග්රාෆ් යන්ත්‍රක් සවි කිරීමට මොහුට සිත් විය ...මෙය කිරීමෙන් ඔහුට දක්නට හැකිවූයේ බලාපොරොත්තු නොවොඕ දෙයකි...එනම් සුළු මානසික තෘප්තියක් ලබපු කෙනෙක්ගේ තත්වයක් එම උපකරණයට දැනීමය.....
පසු කලෙක තවත් පරීක්ෂණයක් මොහු කළේය ..කාමරයක පැල 2ක් තබන ලදී 6 දෙනෙක් තොර ගත්හ 5 දෙනෙකුට කිව්වේ කාමරයට ගොස් පැල 2ක දිහා බලාගෙන එන ලෙසටය ,,,එක කෙනෙකුට කිව්වේ කාමරයට ගිය පසු එක පලයක් පොඩිකර පග විනාශකරන ලෙසය...ඔහු එය කළේය ...ඉන්පසු නැවත එම කට්ටියට ඉතිරි වුන පැලය ඉදිරියට එන ලෙස කීවේය ..එම පැලයට පොලිග්රාෆ් උපකරණයක් සවි කලීය ... ඔවුන්ගෙන් පැලය දෙස බලා එන්නට කියු 5 දෙනාට
පැලය කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැති අතර ..කලින් ගහ විනාශ කල පුද්ගලයා ලඟට ආ විගස "අපරාධකාරයා ආවා කියන්නාක් මෙන් "ඉතිරි පැලැටිය මහත් විපර්යාසයක් පොලොග්රාෆ් යන්ත්‍රයෙන් පෙන් වීය
ඉහත තොරතුරුවලින් ඔප්පුවන්නේ ගසක් මිනිසාට දක්වන ප්‍රතිචාරය යි
මීට වඩා ගොඩක් පරීක්ෂණ ඇති මුත් ලිපිය දීර්ග වන නිසා ඊ හැම දෙයක්ම පළ නොකරන්නේමු
සැබවින්ම ගතහොත් ගහකොලවලට අපගේ සිතුවිලි හඳුනා ගත හැක ...ගසකට සංවේදී වෙනවා යනු විශ්වය සමග සන්නිවේදනය කිරීමී මද්‍යකි...එම නිසා බෝධිපූජාව යනු විද්‍යාත්මක විශ්ව සන්නිවේදන මදයක් නොවන්නේ ඇයිද ...?
ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී ‘බුදු වී මිස නොනැගිටිමි’යි අදිටන් කොට, මෙයින් වසර 2597කට පෙර වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.
‘බෝධිය’ යන්නෙන් අදහස් කැරෙන්නේ ‘අවබෝධය ලැබීම’ යන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධ” වෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ‘ලෝකය’ යනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, ඒ දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. ‘බෝධිය’ යන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.
එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2551 ක් වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.
ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.
බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එය ‘බුද්ධානුස්සති’ භාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින්
කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.
බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.
සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං
ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.
අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.
දඹදිව ජය ශ්‍රී මහා බෝධියේ දී කොඩි එල්ලා තිබෙනු දක්නට ඇත. ඒ අමනෝඥ ක්‍රියාව කරන්නේ ශ්‍රී ලාංකිකයන් වීම, ලැජ්ජාවට කරුණකි.
බෝධීන් වහන්සේගෙන් දරුඵල පැතීමත් විභාග සමත්වීමත්, පවුලේ ග්‍රහ අපල දුරුවීමත් සඳහා පිහිට පැතීම බුදු දහමට පටහැනි ක්‍රියාවකි. බෝධීන් වහන්සේගෙන් යම් යම් දේ ඉල්ලීම නම් බෝධි පූජාවක් නොවේ.
බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ‘ආනන්ද බෝධිය’ නමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.
මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.

මෙතෙක් දැක වූ කරුවූ අනුව පර්යේෂණ කරුණු වලින්ද බෝධි පූජාවක සත්‍යතාවය ඔබට පහසුවෙන් වටහා ගත හැක ...අප බෝධියට ආදරයෙන් ...ගෞරවයෙන් පහන් දල්වා ,කොඩිවැල් බැඳ ,පැදකුණු කර නාවන විට ,ගාථ පිරිත් සජ්ජායනය කරන විට ,කවි කියන විට , කිරිබත් මල් හා පහන් පූජා කරන විට අපගේ ආදරය පෙන්නා පිහිට ඉල්ලන විට ,,,බෝධියද යහපත් ශක්ති කිරණ නිකුත් කරයි ...සාමානයෙන් බෝධි පූජාවක් දින නමයක් විසි එකක් ආදී වශයෙන් කරන විට ..බෝධිය අපිව හඳුනා ගනී .....අපි අවන්කවම බෝධියට ආදරය කරන්නේ නම් ගෞරව කරන්නේ නම් ,බෝධිය ද අපිට ප්‍රතිචාර දක්වමින් අප සමග ආද්යාත්මිකව සම්භන්දව සිටී ...අප ගෙදරින් පන්සලට පිටත්වන වෙලාව පවා බෝධියට වැටහේ ...බෝධිය වතුර වලින් නාවීමෙන් තෘප්තිමත් වන බව බක්ස්ටර්ගේ පර්යේෂණවලින් හෙළිවෙන අතර ...මෙත්ත සූත්‍රය මතුරා බෝධිය නාවීමෙන් වඩාත් බෝධි පූජාවේ ප්‍රතිපල ලැබෙන බව මතක තබාගත යුතු වේ ......එමෙන්ම බෝධිය අපගේ සපෙහිදීත් දුකෙහිදීත් සංවේදී වන බව අප මතක තබා ගත යුතු වැදගත් කාරණයකි ....බෝධියේ රශ්මි මාලාව අපගේ ශරීරයේ රශ්මි මාලාව හා මුසුවී අපට ශාන්තිය උදා කරන අතර ...ආදී විස්සක් තරම් දුරට විහින්දෙන ශක්ති පද්ධතියද අපගේ එවන් ශක්ති පද්ධති හා එක්ව මුසුවී ශාන්තියක් සතක්ම උදා කරයි ....අප උදාහරණයක් ලෙස විපතකට පත් උවෙක් ගැන සිත හෝ රූගියෙක් ගැන සිත බෝධි පූජාවක් තබන විට ...අපගේ චිත්ත ශක්තියහා ශබ්ධ තරංග බෝධිය හඳුනාගෙන ,,එමගින් ඒ අදාළ පුදගලයාට සෙතක් සැලසෙන ශක්තිතරංග නිකුත් කිරීමට බෝධියට හැකිය ,,,එනම් බෝධි පූජාව යනු විශ්ව සන්නිවේදන මාද්යකි ..
අපට හිතගනීමටත් නොහැකි ශක්තීන් ගහකොළ හා අපාතර බැඳීම් තුලින් ඉස්මතු කිරීමට හැකිය ...එමෙන්ම දෙවියන් හා අප අතර සම්බන්දය බෝධිය නිසා බෝධිපූජාතුලින් අපට උදාකර ගත හැක ....එසේම අප පූජාකරන මල පවා නිකම්ම නිකන් මලක් නොවිය යුතුය යම්කිසි ආලෝක කිරණක් විහිදීමට එයට හැකි විය යුතුය ,,,එම මලෙන් නිකුත් කරන කිරණ අපගේ චිත්ත ශක්තිය සමග මුසුව බෝධිය හා සම්භන්ද වී අපට ශාන්තිය උදා වේ ...මෙම මල් බුදුරජානන් වහන්සේට පූජාකරන මල් නම්...එයින් සිදුවන යහපත අමුතුවෙන් කිව යුතු නැත
මෙහිදී ග්‍රහ අපල ගැන යමක් කිව යුතුය ....
අපගේ පොලව තමාවටා කරකැවෙයි ....තමාවටා කරකැවී ඉරවටා කරකැවෙයි ..හඳ අපගේ පලව වටා කරකැවෙයි .....ග්‍රහ ලෝක අපගේ ඉරවටා කරකැවෙයි ....මේ හැම ග්‍රහයෙක්ගෙන්ම පෘතුවියට ඇදුම් කෑමේ ශක්තියක් ඇත .....සත්වයෙක් උපදින වෙලාව අනුව ඔහු උපදින වෙලාවට බලපාන ග්‍රහයෝ කීපදෙනෙක් ඇත ....මෙය මොහොතින් මොහොත වෙනස් වෙයි ...සත්වයා මව් කුසේ ඉන්නතක් ආරක්ෂිතය...මව් කුසෙන් එලියට ආ පසු අහු වටෙන්නී අර ග්‍රහ පල පාම වැටෙන පරිසරයටය ....ඒ අනුව එම සත්වයාගේ කේන්ද්‍රය සාදයි ....යම්කිසි ග්‍රහයෙක් ගේ කිරණ ඔහුට අයහපත් වන්නට පුළුවන...එහිදී බෝධි පූජාව මගින් එම සත්වයාහට බෝධියට කන්නලව් කර පිහිට පැතීමෙන් .....බෝධියෙන් යහපත් කිරණ විහින්දුවා එම සත්වයා හට අයහපත් ග්‍රහ කිරණ මගින් සිදුවන කරදර මග හරවා ගත
හැක ...

ඒ එම ආර් බෝබෙගෙදර මහතා ලියු විද්‍යාවෙන් ඔපවෙන අපගේ විශ්වාස හා ඇදහිලි කෘතියෙන් බොහොතොරතුරු ලබා ගන්න ලදී

Sunday, May 12, 2013

මහරහතුන් වැඩි මඟ ඔස්සේ

"මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, "දක්‍ෂ", ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා! තම තමන්ට
වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා..." යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා

අ) නිවනට මඟ...
1. ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද
කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි.රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු
පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි.රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස්‌ කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන්වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස්‌ තීන්තය. එහි ඝන භාවයක්‌, ගොරෝසු භාවයක්‌, ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‌ෂාවක්‌ නොමැත. ඒවා නිවුණු තීන්තය.
එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි.කොතැනකදීවත් සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින ඒ සිත නිරතුරුව අනිත්‍යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය
නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්‌වභාවයේ නිදහසයි.

ජීවිතයේ සියලු බැඳීම් හිස්‌කළ තැන, එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වන්නේ, එතෙක්‌ තමා රැස්‌කළ අයිති කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට දමාය. ඔබ එසේ සියල්ල අයින්කොට දමා පැමිණෙන්නේ ඇයි? අයින්කොට පැමිණි සියල්ල අතහැරීම සඳහාය.හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි මෙන් පරතරය ඇති දෙයකි.පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය.මොනවද ඔය අයින්කොට පැමිණි දේවල්.මාපියන්, ඥතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජත්වය, කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියයන් හයට ඇලෙන දේවල් අයින්කොට දමා පැමිණ ඇත්තේ, ඒ සියල්ල අතහැරීම සඳහා ය. දැන් අරමුණ පැහැදිලිය.

එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණුවීමට සුදුසු රැස්‌කිරීම නොකරන ස්‌ථානයකි.මොනවා රැස්‌ නොකරන ස්‌ථානයක්‌ද? කෙළෙස්‌ රැස්‌ නොකරන ස්‌ථානයකි. සුවසේ සිත වැඩෙන ස්‌ථානයකි. එවැනි ආරණ්‍යයක්‌, ශූන්‍යාගාරයක්‌ නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයකුගේ
ඇසුර ලබා ගනිමින් හුදකෙලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා ඔබට උපකාරී නොවේ. ඉහත ස්‌වභාවයන් ඔබ ස්‌පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක්‌ බවට පත්වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන
යැම, තවමත් ඔබගේ ස්‌වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග ගසාගෙන යැමට නොව උඩුගංබලා පිහිනා යැමය. ඔබ අදක්‌ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස්‌ විදෙස්‌ ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පැමිණීමට ඔබට සිදුවනු ඇත.ඔබ කිසිවක්‌ අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහැරීමට පුරුදු කරන්න.ඔබ වයසින්. ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙක්‌ ලෙස අරමුණක්‌ ඇතිව ශාසනයට පැමිණි කෙනෙක්‌ බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්‌සේරුවකට නොඑන්න වගබලාගන්න. සාමණේර ශීලය, උපසම්පදා ශීලය, ඉක්‌මවා ගිය ශීලයක්‌ මේ ශාසනය තුළ තිබෙන බව දකින්න.එම ශීලය තව කෙනකුන් ගෙන් ලැබිය හැකි දෙයක්‌ නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිටකොට ලබාගත යුත්තක්‌ බව සිහි තබා ගන්න.විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක්‌ මිස, තමාගේ දෑත් දෙපා ස්‌ව කැමැත්තෙන් බැඳ ගන්නා වරපටක්‌ හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක්‌ නොවේ.
ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක්‌ නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක්‌ උපයෝගී කරගන්නා සේ, විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන්භටයා තම දෙපා පොළොවේ ස්‌පර්ශ වන සැණින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරැදි වෙමින් අතහරින දෙයක්‌ මිස බදාගන්නා දෙයක්‌ නොවේ. වැරැදි
අතහැරීමට විනය බදා ගැනීම තුළ රැස්‌වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය.

විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. ධර්මයේ ස්‌වභාවය අනිත්‍යයයි.අනිත්‍යය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත්වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරැදි කිරීමට නොවේ. වැරැදි කිරීමේ ස්‌වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරැදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවකි. විනය සමගින් ගැටෙමින් නොසිට ඔබගේ දුර්වලකම් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් සියයක්‌ ඇතොත් ඒ පොත් සියයම එක මත එක
තබා, පොත් සියයටම උඩින් "චේතනාහං භික්ඛවේ කම්මන් වදාමි" යන බුදු බණ පදය තබන්න. නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ
නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්,

පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර
පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න.නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ
බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න. නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න.නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ
වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ
මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.
බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍යවිද්‍යාව: 5 නාරිභීතිකාවෙන් අසනීඝාතකුමරු සුව ලදහැටි

මනෝ වෛද්‍ය වී.ජේ.හරිශ්චන්ද්‍ර

මනෝවෛද්‍ය විද්‍යාවේ ‘භීතිකාව‘ නමින් හැඳින්වෙන රෝගයක විස්තරයක් සහ ඊට දිය යුතු චිකිත්සක ප්‍රතිකාරයක් ලෙස 1954 වර්ෂයේදී ජේ.වොල්පි ප්‍රථමයෙන්ම සොයාගත් ලෙස මනෝචිකිත්සා පොත්වල සඳහන් වන ‘පරස්පර අවසේධනය’ (Reciprocal Inhibition) නමින් හැඳින්වෙන ක්‍රමයක විස්තරයක්, වොල්පිගේ සමයට ශතවර්ෂ 25 කට පමණ පෙර හෙළි කරනු ලැබුවේ පන්සිය පනස් ජාතක පොතේ සංකප්ප ජාතක කථාවෙනි.

එම කථාව අනුව මහ බෝසත්තුමා බඹ ලොවින් චුත ව, මිනිස් ලොවේ දඹදිව බරණැස රජතුමාගේ අග බිසෝ කුස පිළිසිඳ ගත්තේය. පසුව අසනීඝාත නම ලද මෙම බිළිඳු කුමරු, බිහි වූ දා කිරිමවක අතට දෙනු ලැබූ විට බියෙන් මෙන් හඬවන්නට විය.

අන් කිරි මවක අතට දෙනු ලැබූ විට ද කුමරු හඬන්නට විය. එහි හුන් හැම ස්ත්‍රියක අතට දෙනු ලැබුව ද, හැඬීම නතර නොවීය. නමුත් පිරිමියකු කුමරු වඩා ගත් විට හැඬීම සිදු නො වීය.

මෙම අපූර්ව ගති ලක්‍ෂණය නිසා අසනීඝාත කුමරු හැදුණේ – වැඩුණේ පිරිමින් ඇසුරේ ම ය. කිරිමවුන් කුමරුට කිරි පෙවුයේ දොවා තැටියකට දමා ය. මවු බිසොව කිරි දුන්නේ තිරයකින් පිට සැඟවී පියයුරු පුඩුව පමණක් තිරය මෑත් කර කුමරුගේ මුවට ඇතුළු කරමිනි. වැඩිවිය පත් වුව ද, කුමරු ස්ත්‍රීන් අසළක හෝ රඳවා නො ගත්තේ ය. පිය රජතුමා කිරුළ හිමි පුත් කුමරු වෙනුවෙන් වෙන ම මාලිගාවක් තනවා කුමරුට එහි වාසය කිරීමට ඉඩ දුන්නේය.

අසනීඝාත කුමරු පෙළුණේ වර්තමාන මානසික රෝග වර්ගීකරණය අනුව කාංසාබාධයකිනි.

කාංසාබාධ

පොදුවේ කාංසාබාධ (Anxiety Disorders) යනුවෙන් හැඳින්වෙන්නේ මොළය තුළ කිසිදු භෞතික අසාමාන්‍යතාවයක් හෝ වෙනත් මානසික රෝගයක් හෝ නැති ව, හෘද ස්ඵන්දනය සහ හුස්ම ගැනීමේ වේගය වැඩි කරවන, වෙව්ලීම, උගුරේ වේළීම, අවධානය අඩු කිරීම, නින්ද නො යාම, හිසරදය වැනි විවිධ ශාරීරික සහ මානසික ලක්ෂණ ඇති කරවන රෝග සමූහයකි. භීතිකාව ඉන් එකකි. (පුහු බිය, ඊට වඩා සුදුසු නමකි)

භීතිකාව

භීතිකාව යම් විශේෂ අරමුණක් හමුවේ කාංසා රෝග ලක්‍ෂණ පහළ කරයි. එ වැනි අරමුණූ රාශියක් මනෝවෛද්‍ය විද්‍යා පොත්වල විස්තර වෙයි. ඒ අතර මක්කටක භීතිකාව සුනඛභීතිකාව බිළාරභීතිකාව තෙළෙස්භීතිකාව සමහරෙකි. මේ රෝගවලට හේතුවන අරමුණු පිළිවෙලින් මකුළුවන් ,බල්ලන්, බළලුන් සහ 13 අංකයය.අසනීඝාත කුමරු පෙළුණේ නාරිභීතිකාවෙනි. එය ස්ත්‍රි වර්ගයා කෙරෙහි ඇතිභීතිකාවය.

නාරිභීතිකාව

සාමාන්‍යයෙන් භීතිකාවට හේතු වන්නේ ළමා කාලයේ සිද්ධියක් සහ ප්‍රවේණියයි. පරිසරය සහ ප්‍රවේණිය හැරෙන්නට රෝගයක් හටගැනීමට පූර්ව භවයන්හි සිද්ධි ද හේතු වන බව බෞද්ධ මතය යි. වෛද්‍ය විද්‍යාවට මෙම සත්‍යය මුළුමනින් පිළිගැනෙන්නට, තවත් ශතවර්ෂයක් පමණ ගත වනු ඇත. දැනට ම එතෙර අබෞද්ධ මනෝචිකිත්සකයින් පවා පූර්ව භවයන්හි රෝග කාරක සිද්ධින් මෝහන හෙවත් විනිද්‍රා ප්‍රතිකාරයෙන් සොයා ගෙන මතකයට නංවා රෝග සුව කරන බව සැළයි. සංකප්ප ජාතක කථාව අනුව අසනීඝාත කුමරුගේ නාරිභීතිකාවට හේතුව වශයෙන් පිළිගත හැක්කේ බෝසත්තුමා මිනිස් ලොවට ඒමට පෙර බඹ ලොව දීර්ඝ කාලයක් විසීමය.

ප්‍රතිකාර අවශ්‍ය වීමට හේතුව

අසනීඝාත කුමරු සොළොස් හැවිරිදි වූ විට පිය රජතුමා කල්පනා කෙළේ තමාගේ ඇවෑමෙන් රාජ්‍යය භාරගැනීමට සිටින්නාට ස්ත්‍රීන් නොදැක සිටීම නුසුදුසු බව ය. රජතුමා පුත් කුමරුට ප්‍රතිකාර පැතුවේ ඒ හෙයිනි.

වර්තමානයේද විවිධ රැකී රක්ෂා පත්වීම් ලත් විට වැඩ භාරගැනීමට කාර්යාලයට හෝ විද්‍යාලයයට හෝ යෑමට පෙර විවිධ භීතිකාවලින් පෙළෙන අය ප්‍රතිකාර පතා මනෝවෛද්‍යවරුන් වෙත එති. මැද පෙරදිග බලා යෑමට පෙර ප්‍රතිකාර පතා එන කාන්තාවන් අතර, උස් ස්ථානයකට නැගීම විශේෂයෙන් ගුවන් තොටුපොළේ පේගැටැදියට පිය නැගීම වළක්වන උච්ඡුයභීතිකාවෙන් පෙළෙන්නියෝ සහ මෝටර් රථයක් හෝ ගුවන් යානයක් හෝ වැනි සම්පූර්ණයෙන් ආවරණය වූ ඉඩ ප්‍රමාණයකට ඇතුළුවීම වළක්වන ආවෘති භීතිකාවෙන් පෙළෙන්නියෝ සිටිති. මෙවැනි භීතිකා රෝගීනට ප්‍රතිකාරයක් ලෙස මෑතකදී, එනම් 1954 වර්ෂයේදි වොල්පි ප්‍රථමයෙන් සොයා ගත්තේයැයි සැලකෙන පරස්පර අවසේධනය විස්තර කිරීමට පෙර සංකප්ප ජාතකයේ අසනීඝාත කුමරුට බරණැස ස්ත්‍රියක කළ ප්‍රතිකාරයට අවධානය යොමු කරමු.

චිකිත්සක ප්‍රතිකාරය කිරීමට ඉදිරිපත් වූයේ ගායනයට සහ වීණා වාදනයට දක්ෂ, බුද්ධිමත් ස්ත්‍රියකි. ඇය ප්‍රතිකාරය පිළිබඳ සැලැස්මක් ඇතිවම කටයුතු ආරම්භ කළාය. කුමරු ඇසුරු කළ පිරිමි සේවකයින් කිහිප දෙනකුට ඇය තමා පසු දින කුමරුගේ මාලිගාවට දුර ස්ථානයක සිට ගී ගයමින් වීණාව වයමින් රැඳී සිටින බව දන්වා, ඒ අසා සිටින කුමරු යම් ප්‍රතිචාරයක් දැක්වුවහොත් තමාට දන්වන ලෙස ඉල්වා සිටියාය.

පසු දින ඇය එම දුර ස්ථානයේ සිට පැතිර වූ අති මධූර ගායන, වාදන නාදයට ඕනෑකමින් කුමරු සවන් දීගෙන සිට එම සංගීත නාද ස්ත්‍රියකගේ බව සේවකයින්ගෙන් අසා දැන ගත්තේය. මේ බව සේවකයෝ ස්ත්‍රියට දැන්වූහ.

ඉන් පසු දින ඇය කුමරුගේ මාලිගාව සමීපයෙහි සිට පෙර සේම ගායනයේ – වාදනයේ යෙදුණාය. එදින කුමරුගේ සේවකයින්ගෙන් ආ ප්‍රතිචාර අනුව ඉන් පසුව ඇය මාලිගාවේ යහන් ගැබට පැමිණ අසනීඝාත කුමරු අසලම සිට ගායනයේ වාදනයේ යෙදුණාය.

එම ප්‍රතිකාරයෙන් කුමරුට සම්පූර්ණ මානසික සුවය ලැබුණු බව, කුමරු ස්ත්‍රිය සමග ඇති කර ගත් සම්බන්ධතාව පිළිබඳ විස්තරයෙන් පැහැදිලිය. සංකප්ප ජාතක කථාවේ අවසානය එම ජවනිකාව නොවේ. එහෙත් කුමරුගේ නාරිභීතිකාව් අවසානය එයයි.

ජාතක කථාවේ සිද්ධීන් දෙස චිකිත්සා කෝණයෙන් බලන විට වොල්පීගේ සිද්ධාන්ත සියල්ලම පාහේ එහි ගැබ්ව ඇති බව පෙනෙයි.

පරස්පර අවසේධනය

වොල්පීගේ මූලික සිද්ධාන්තය මෙසේය.

කාංසාව ඇති කරවන යම් අප්‍රසන්න අරමුණක් (උත්තේජනයක්)) සමගම එම කාංසාව ඇති කරවන අප්‍රසන්න චිත්තවේගවලට පරස්පර විරෝධී යම් ප්‍රසන්න ප්‍රතිචාරයක් ඇති කරවන උපක්‍රමයක් යෙදවීමෙන් අප්‍රසන්න චිත්තවේග කොටසක් හෝ සමස්තයම හෝ යටපත් වේ නම්, අරමුණ සහ අප්‍රසන්න චිත්තවේග අතර තුබුණු බැම්ම ලිහෙයි.

අසනීඝාත කුමරු කෙරෙහි බල පෑ අරමුණ ‘ස්ත්‍රිය’යි. ස්ත්‍රිය නිසා ඇති වූ අප්‍රසන්නතාවයට පරස්පර විරෝධී ප්‍රසන්නතාවය ඇති කළ උපක්‍රමය නම් මධුර ගායන , වාදන, නාදයයි. ඉන් අප්‍රසන්නතාවය යටපත් විය. ‘ස්ත්‍රිය ‘ සහ භීතිකාව අතර තිබුණු බැම්ම ලිහුණි.

මෙම චිකිත්සක ක්‍රමය සාර්ථක කර ගැනීමට යොදා ගත හැකි ‘උපක්‍රම’ කිහිපයක් වොල්පීම යෝජනා කළේය. ඒ සියලු උපක්‍රම මගින් ඇති කරනු ලබන්නේ කාංසා – විරෝධී ප්‍රසන්න ප්‍රතිචාරය. වොල්පී යෝජනා කළ, පහත සඳහන් එම උපක්‍රම සියල්ලම පාහේ සංකප්ප ජාතකයේ අසනීඝාත කුමරු කෙරෙහි බලපා තිබේ.

1. ඉහිල්කරණය (Relaxation) කුමරු යහන් ගැබ සිටියේ විස්‍රංස (Relaxed) ඉරියවුවෙනි.

2. කාමාශා ස්ත්‍රියගේ අවසාන ප්‍රතිකාර අවස්ථාවේ මෙම ප්‍රතිචාරය ද දියත් විය.

3. විවිධ ප්‍රසන්න ප්‍රතිචාර

ගායන – වාදන සංගීතය එවැනි ප්‍රසන්න ප්‍රතිචාරයකි.

ක්‍රමවත් විසංවේදීකරණය

භීතිකාව ඇති කරවන අරමුණට රෝගියාගේ අවධානය යොමු කරවන විට මුලින් එම අරමුණ දුර ස්ථානයක තිබිය යුතුය. ක්‍රමයෙන් එය රෝගියාට සමීප කිරීමෙන් ක්‍රමයෙන් බිය අඩු කිරීම ක්‍රමවත් විසංවේදීකරණයයි. (Systematicdesensitization) චිකිත්සාව ආරම්භ කිරීමට පෙර මෙම දුර ප්‍රමාණ ගැන සැලැස්මක් තිබිය යුතුය. සංකප්ප ජාතකයේ ස්ත්‍රිය මුලින් දුර ස්ථානයක සිට ක්‍රමයෙන් සමීප වී අවසානයේ කුමරු ළඟටම ඒම වොල්පීගේ ක්‍රමයට එකඟය. එක් පර්යේෂණයකදී ,මීයනට බියක් ඇතිව සිටි ළමයකුට මුල් දිනයෙහි දුර ස්ථානයක තබන ලද මීයකු පෙනෙන්නට පර්යේෂකවරයා සැලැස්වීය. එම අවස්ථාවේ ළමයාගේ මුවට චොකලට් කැබැල්ලක් ඇතුළු කරනු ලැබීය.

එම චොකලට් කැබැල්ල, වොල්පී සඳහන් කළ ‘උපක්‍රමය’ විය. අප්‍රසන්න භීතිකාව එම උපක්‍රමයට යටපත් විය. ක්‍රමයෙන් මීයා ළමයා සමීපයට ගෙන එන ලදී. පර්යේෂණය සාර්ථකව කෙළවර වූයේ සංකප්ප ජාතකයේ ස්ත්‍රිය අසනීඝාත කුමරුගේ යහනට ම ගිය ලෙසින්, මීයා ළමයාගේ තොටිල්ලට ම යෑමෙනි.
මිරිස්සේ ධම්මික හිමි

විවාහයට පත්ව අවුරුද්දකට වඩා නැති තරුණ දියණියකගේ මේ කතාව ගැන ඔබට කුමක්ද සිතෙන්නේ? “මේ නම් මගේ පූරුවෙ කරුමයක් වෙන්නට ඇති. මට නම් හමුවෙල තියෙන්නෙ මනුස්සයෙක් නම් නෙවෙයි. මම කතාවට පෙනුමට රැවටුණා. තමන්ගේ කුස පිරෙනවානම් අනෙක් අයට මොනවා වුණත් කමක් නැහැ කියලා සිතන මහා අමනුස්සයෙක්.” සාමාන්‍ය ජීවිතයේ දී හමුවන අයෙක් නම්, තමන්ට ගැළපෙන්නේ නැහැ කියලා දැනෙන විට අත්හරින්නට පුළුවනි. පාසලේ දී, පන්තියේ දී, විශ්වවිද්‍යාලයේ දී, රැකියාවේදී, මහමඟ දී යහළුවෝ හමුවෙන්නට පුළුවනි. ටික දිනක්, කාලයක් ගතවෙන විට තමන්ට ආශ්‍රයට ගැළපෙන්නේ නැහැ කියා දැනේ නම්, කල්පනාකාරීව කටයුතු කරන්නට පුළුවනි. එනමුත් ඔබ මතක තබාගත යුතු කරුණක් තිබේ. එනම් අනෙක් අය ගැළපෙන්නේ නැහැ කියා පවසන්නට පෙර තමන් නිවැරැදිද කියා සිතා බලන්න. මා නිවැරැදිද? මා සත්පුරුෂයෙක්ද කියා පළමුව තමාම සිතා බැලිය යුතුමයි. සමහර අය තමන්ගේ බොහෝ වැරැදි තබාගෙන අනෙක් අයගේ වැරදි අඩුපාඩු පමණක් දකින්නට සූදානම් වෙනවා. කෙසේ වෙතත්, විවාහයක් කර ගැනීමට පෙර මොනතරම් සුපරීක්‍ෂාකාරී විය යුතුද යන්න අමුතුවෙන් ඔබට පැහැදිලි කළ යුතු නොවේ.

විශේෂයෙන්ම, අප වෙසෙන මෙවැනි රටක තවමත්, ගෘහස්ථ ජීවිතයක, සාමකාමී පවුල් පරිසරයක් වෙනුවෙන් විශාල ගෞරවයක් මෙන්ම සදාචාරාත්මක වගකීමක් ද තිබේ. බොහෝ විටෙක බටහිර රටක් මෙන්, සිතෙන සිතෙන අයුරින් විවාහය වෙනස් කර ගැනීමට තරම් සමාජ හා සංස්කෘතික වටාපිටාවක් මෙහි නොපවතින නිසා ය.ඒ අපගේ ශ්‍රී ලාංකික මෙන්ම, බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු දායාදයකි.

මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍යරත්නය වූ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට වදාරන ලද උතුම් වූ අදහසකට සිත යොමු කරන්නට යයි මම ඔබට ආරාධනා කරමි.

න වණ්ණරූපේන නරො සුජානෝ
න විස්සසේ ඉත්තර දස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමිමං චරන්ති

මනුෂ්‍යයා රූපයෙන්ම මැනවින් නොදත හැකි ය. ස්වල්ප මාත්‍ර දැක්මෙන් පමණක් විශ්වාස නොකරන්නේය. එය සත්‍යයකි. සංයමය හෙවත් ඇතුළත හික්මීමක් නැති අය සංයමය ඇති පුද්ගලයන් මෙන් හැසිරීමෙන් යුක්තව මේ ලෝකයෙහි හෙවත් මේ සමාජයෙහි හැසිරෙති.

පතිරූපකො මත්තිකා කුණ්ඩලොව
ලෝහඩිඨමාසෝව සුවණ්ණඡන්නෝ
චරන්ති ඒකේ පරිවාර ඡන්නා
අන්තෝ අසුද්ධා බහි සෝභමාතාති

“ඇතුළත අපිරිසුදු නමුත් බාහිර පෙනුම ඇති ඇතුම් අය රත්තරන් සේ පෙනෙන මැටියෙන් කරන ලද කුණ්ඩලාභරණයක් මෙන්ද රනින් වැසුණු යකඩ කාසියක් (අඩමස්සක්) මෙන්ද පිරිවරින් වැසී හැසිරෙති.”

සැබෑවටම, මේ සමාජයේ රැවිටිලි සහ මායාකාරී, වංචාකාරී පුද්ගලයන් කොපමණ සිටිනවාද? අවුරුදු දහස් ගණනාවකට පෙරාතුව භාග්‍යවතුන් වහන්සේ වදාළ එම ගාථාරත්නය කොපමණ නම් අර්ථාන්විතද? මෙම අදහසටම ගළපා බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සත්ත ජටිල සූත්‍රයේ දී මෙසේ පැහැදිළි කොට දේශනා කරති. “එක්ව විසීමෙන් ශීලය දත යුතු ය. එයද දිගු කාලයකිනි. ස්වල්ප කාලයකින් නොවේ. ඒ වගේම මෙනෙහි කරන්නන් විසිනි මෙනෙහි නොකරන්නන්, විසින් නොවේ. නුවණ ඇත්තා විසිනි. නුවණ නැත්තා විසින් නොවේ.

ශීලය යනු ප්‍රධාන වශයෙන් කායික වාචසික සංවරයයි. ශාන්තුවරයන් මෙන් හැසිරෙමින්, කාරුණික බව පෙන්වා, මවාගත් මිහිරි වදන් කතා කරන රැවැටිලිකාරී අය කොතෙකුත් සිටිති. පාසල් වයසේ සිටින පමණක් නොව උසස් අධ්‍යාපනයේ නියුතු මෙන්ම රැකියා කරන අය පවා එවැනි වංචා සහගත පුද්ගලයන්ගේ රැවටිලිවලට ගොදුරු වෙති. එවැනි අය තමාගේ අරමුණ ඉටුවන තෙක් බොහෝම පරිස්සම්ව හැසිරෙති. තරහ නොගනිති. පරිත්‍යාගශීලී කරුණාවන්ත අයෙක් ලෙසම හැසිරෙති. තරුණ දුවේ පුතේ, මෙවැනි පුද්ගලයින් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම තරමක් අපහසු වන්නේ ඔවුන්ගේ හැසිරීම, කතාබහ, ඉතාමත් සිත් ගන්නා ආකාරයෙන් පැවැත්වීම නිසා ය. මේ නිසා කවර අයෙක් කෙරේ වුවද, තමා පෙර නොහඳුනන්නේ නම් එක් විටම විශ්වාස නොතැබිය යුතු ය. කාලයක් පුරා දන්නා අයෙක් නම් ඔබට ඔහු හෝ ඇය ගැන අවබෝධයක් තිබේ. එමෙන්ම ඔවුන්ගේ දෙමාපියන් හා පවුල් පිළිබඳ තොරතුරු ද, අධ්‍යාපනය මෙන්ම හැසිරීම් රටාව පිළිබඳව ද ඔබට යම් හෝ අවබෝධයක් පවතී. එනමුත් අලුතින් හමුවන පුද්ගලයන්, කාගේ කවුද, කුමන පරිසරයක හැදුණු වැඩුණු අයෙක්දැයි සැබෑවටම ගුණ ගරුක කෙනෙක්දැයි ඔබට අවබෝධයක් නැත.

මේ නිසා ඉක්මන් නොවී මෙන්ම දෙමාපියන් ද තම සමීප කල්‍යාණවන්තයන් ද අමතක කොට තීරණ නොගත යුතු ය. සමහර තරුණ දරුවෝ මෙලොවට තමා බිහිකොට හදාවඩා පෝෂණය කළ මෙන්ම, උගන්වා සියලු දේ කැප කළ දෙමාපියන්ටත් හොරෙන් අලුතින් හමු වූ දිනක් දෙකක් හෝ කෙටි කාලයකින් හඳුනාගත් අය කෙරේ විශ්වාසය තබති. දෙමාපියන් තමා වෙනුවෙන් කරන ලද කැප කිරීම් ගැන නොසළකා හරිති. ලොකු මහත් වූ ඔබට ඔබගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත. එනමුත්, ඔබට වඩා උගත්කම් තිබුණත් නැතත්, දෙමාපියන්ට ඔබට වඩා ජීවිත අත්දැකීම් නම් බෙහෙවින්ම ඇති බව කිසිවිටෙකත් අමතක කරන්නට එපා. මේ නිසා දෙමව්පියන්ගේ හා ගුණගරුක වැඩිහිටියන්ගේ අත්දැකීම් හා අවවාද ඔබට පිහිටක් මිස අවැඩක් නොවනු ඇත. මින් අදහස් කරන්නේ, සියලුම දෙමාපියන් කියන කරන සෑම දෙයක්ම මුළුමනින්ම නිවැරැදියි යයි පැවසීම නොවේ. සමහර දෙමාපියන් ද කුල ගෝත්‍ර හා යම් සුළු වූ කරුණු මත පදනම් ව දැඩි අදහස්වල එල්බ සිටිති. රටේ, සමාජයේ දකින්නට තිබෙන අත්දැකීම් අනුව මම, ඔබට මෙසේ පවසමි. එකම ජාතියක, එකම ආගමක, එම සංස්කෘතීන්ට අයත් අය එකතුවීමෙන් ගැටීම් අවම කර ගෙන පහසුවෙන් ජීවිත පවත්වාගෙන පී‍්‍රතිමත් විවාහ ජීවිත ගත කිරීමට අවස්ථාව සැළසෙනු ඇත. කලාතුරකින් තැනක විවිධ ජාතීන් හා විවිධ ආගම්වල අය විවාහ වී සතුටින් සිටින බව ද පෙනේ. මේ නිසා ඉක්මන් හා තනි තීරණ නොගෙන, දැකීම් මාත්‍රයට, කතාබහට, පෙනුමට ධනයටම නොරැවැටී දෙමාපියන් හා වැඩිහිටියන්ගේ දැනුවත්වීම්, සාකච්ඡාවලට යොමුවෙන්නට යැයි ඔබට ආරාධනා කරන්නේ උපේක්‍ෂා සහගතව සහ කාරුණික සිතකිනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. කතා කරන ආකාරයෙන් සිතේ පිරිසුදු බව දත යුතු ය. නමුත් ඉක්මනින් නොව දිගු කලෙකිනි. නුවණින්ම මෙනෙහි කිරීමෙනි. නිතර කේන්ති ගන්නා, දැඩි රාගාදී ආශාවන්ගෙන් පිරුණු යෝජනා ගෙනෙන, මුදල් හා ධනයටම මුල් තැන දී කතා කරන අය සමග ඔබට සැපවත් කෙසේ වෙතත්, සැනසිලිමත් අනාගතයක් ඇති කරගත හැකිදැයි නුවණින් විමසා බැලීම වටී. කෙනෙක් විපතට පත්වන විට හෝ ගැටලු හා ප්‍රශ්නවලට මුහුණ දෙන විට ක්‍රියා කරන ආකාරයෙන් ඔහුගේ හෝ ඇයගේ ඤාන ශක්තිය දැනගත හැකි ය. සාකච්ඡාවෙන්ම පුද්ගලයාගේ නුවණ, දැනුම් තේරුම් ශක්තිය දත යුතු ය. එයද කලෙකිනි. නුවණින් මෙනෙහි කිරීමෙනි.

තමා අවබෝධයක් ඇති අයෙක් ලෙසම කටයුතු කිරීමෙන් ඒ බව දැනගත හැකි වනු ඇත. ඔබ දෙමාපියන්, හෝ හිතැති වැඩිහිටියන් සමඟ සාකච්ඡා කරන්න. යම්විටෙක දෙමාපියන් වරදවා තේරුම්ගත් යම් අදහස් වේ නම්, කාරුණිකව පහදා දෙන්න. ඔබ වෙනුවෙන් ජීවිතයේ බොහොමයක් කැප කළ දෙමාපියන් වෙනුවෙන්, ඔබද යම් කැප කිරීමක් කළ යුතු ය. එය උතුම් වූ මනුෂ්‍යකමකි.

තුණුරුවන් සරණයි.

බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි

Saturday, May 11, 2013

ප්‍රේතලොව දුක සහ අමනුෂ්‍ය බලපෑම්

අති උතුම් තෙරුවණට අපගේ නමස්කාරය වේවා.සාධු...සාධු...සාධු...
ධර්ම ගෞරවයෙන් යුක්තව ලිපිය කියවන්න.

පසුගිය ලිපි මගින් ඔබට අප ඉදිරිපත් කලේ සතර අපායන් අතරින් වැඩිම දුක් සහිත අපාය වන නිරය පිලිබදවය..අද අප ඔබට ඉදිරිපත්
කරන්නේ සතර අපාවලින් එක් අපායක් වන ප්‍රේතලොව පිලිබදවය.මීට පෙර ලිපියක් මගින් ඔබට ප්‍රේතයන්ගේ ස්වභාවය හා විවිධ ප්‍රේතයින් වර්ග පිලිබද හැදින්වීමක් කළෙමු.

කර්මානුරූපීව ඕපපාතිකව ප්‍රේත ලෝකයේ සත්වයන් උපත කරා යන අතර ප්‍රේතයන්,භූතයන්,කුම්භාණ්ඩයින්,යක්ෂයින් ආදී නොයෙක් නම් වලින් හදුන්වනු ලබන විරූපී ශරීර ඇති ,කටුක ආහාරයන් ආග්‍රාණය කිරීමෙන් යැපෙන නිරතුරු කුසගින්නෙන් පිපාසයෙන් පීඩා විදින ජීවීන් කොටසක් ලෙස ප්‍රේත ලෝකයේ ජීවීන් හැදින්විය හැක.මෙතැන් සිට ඒ මහා කටුක ජීවිත ගතකරන ප්‍රේතයන්ගේ දුක පිලිබද කතා කිහපයක් ඇසුරෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු...

ඇට සැකිල්ලක් බදු පාවෙන ප්‍රේතයා
(අට්ඨි සංඛලික සූත්‍රය - සංයුත්ත නිකාය - ලක්ඛන සංයුත්තය)

දිනක් මුගලන් මහරහතන්වහන්සේ ලක්ඛන මහරහතන්වහන්සේ ද සමගින් ගිජ්ජකූඨ පර්වතයේ සිට රජගහනුවර බලා පිණ්ඩපාතයේ වැඩම කරමින් සිටින අතරතුර එක්තරා ස්ථානයකදී අහසේ පාවෙමින් ඇවිද ඇවිද යන ඇට සැකිල්ලක් මුගලන් මහරහතන්වහන්සේ හට පෙනෙන්නට විය.කර්මානුරූපව මැවුණු භූත ගිජුලිහිනියන් උකුස්සන් එම ඇට සැකිල්ලට කොටමින් ඇට මිදුලු කන ආකාරය දක්නට ලැබිණි.ඇට සැකිල්ලක් බදු වූ ප්‍රේතයා වේදනාවෙන් විලාප දෙමින් කෑ ගසන ආකාරයට දුටු මුගලන් මහරහතන්වහන්සේ හට මෙබදු ආකාරයේ සත්වයන් ඉපදී සිටිනවා නොවේ දැයි සිනාවක් පහළ විය.
ඒ අසල වැඩ සිටි ලක්ඛන මහරහතන් වහන්සේ හට ඕපපාතික ජීවීන් දැක ගැනීමට තරම් හැකියාවක් නොතිබුණු බැවින් වටපිට බලා සිනහ පහළ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇසීයතබුදුරජාණන් වහන්සේ ලගදී එය මගෙන් අසන්න යැයි පවසා මුගලන් මහරහතන් වහන්සේ නිහඩ විය.
එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග රැස් වූ අවස්ථාවේදී එදින දුටු පුදුම සහගත ප්‍රේතයා පිලිබදව කතාවක් ඇති විය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තථාගතයන් වහන්සේ ඒ ප්‍රේතයා මීට කලින් දැක තිබූ නමුත් එබදු ජීවියෙකු දුටු ශ්‍රාවකයෙක් නොසිටි නිසා බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් ශ්‍රාවකයන් සැක උපදවයි යන අදහසින් නොවදාල බවයි.නමුත් දැන් ඍද්ධි බලසම්පන්න ශ්‍රාවකයන් ඒ ප්‍රේතයා දැක ඇති බැවින් ඔහුගේ තොරතුරු වදාරන්නෙමි යි පවසා, මහණෙනි ඔය සත්වයා රජගහනුවර ජීවත් වුනු හරක් මරන මිනිහෙක්යැයි පැවසීය.ඒ කර්මයේ විපාක වශයෙන් අවරුදු දසදහස් ගනණක් නිරයේ පැසී ඒ කර්මයේ ඉතුරු විපාක විදවීම පිණිස
ඔය ආකාරයට ප්‍රේත ලොව උපත ලබා ඇතැයි පැවසීය.

කඩු වැනි ලොම් ඇති ප්‍රේතයා
(අසිලෝම සූත්‍රය - සංයුක්ත නිකාය - ලක්ඛණ සංයුක්තය)

දිනක් ගිජ්ජකූඨ පර්වතයෙන් පහළට වඩිද්දී මුගලන් මහරහතන්වහන්සේ හට අහසේ පාවෙමින් යන මස් වැදැල්ලක් වැනි ප්‍රේතයෙක් දකින්න ලැබුණා.ඒ ප්‍රේතයාගේ ඇගේ ලොම් කඩු වැනි ස්වභාවයෙන් යුක්තයි.ඒ කඩු වැනි වූ ලොම් කැරකිලා ඇවිත් ඒ සත්වයාගේ ඇගට වදිනවා.ඒ වේදනාවෙන් ප්‍රේතයා කෑ ගසම්න් අහසේ ගමන් කරනවා.මුගලන් මහරහතන් වහන්සේ පුදුම සහගත ඒ ප්‍රේතයා දිහා බලාගෙන ඉදලා බුදුරජාණන් වහන්සේට මේ පිලිබදව දැන්වූවා.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, මහණෙනි ඔය සත්වයා රජගහනුවරම හිටුපු ඌරන් මරණ මිනිහෙක්.ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු දසදහස් ගණන් නිරයේ පැහෙමින් දුක් වින්දා.අන්තිමට ඒ පාප කර්මයේ ඉතුරු ටික විදවන්න තමයි ප්‍රේත ලෝකයේ එවැනි උපතක් ලබා ඉපදුණේ.

අසූචි වලක ගිලුණු ප්‍රේතයා
(ගූථ කූප සූත්‍රය - සංයුක්ත නිකාය - ලක්ඛණ සංයුක්තය)

දිනක් මහරහතන් වහන්සේ නමක් හට අසූචි වලක ඔලුවත් සමග ගිලුණු පුරුෂ රූපයක් දකින්න ලැබුණා.අසූචි වලේ දගලමින් වේදනාවෙන් විලාප දෙන ඒ ප්‍රේතයාගේ ශරීරය පුදුම සහගතයි.එදා සවස් වරුවේ භික්ෂූ සංඝයා රැස්කරලා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රේතයාගේ ස්වභාවය විස්තර කොට මෙසේ වදාළා.මහණෙනි,ඔය සත්වයා මේ රජගහනුවර මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිලා හිටපු වැරදි කාම සේවනයේ යෙදුණු කෙනෙක්.පරදාර සේවනයේ විපාකයක් වශයෙන් අවුරුදු දහස් ගණනක් නිරයේ දුක් විදලා ඉතුරු විපාක විදවන්නයි අසුචි වලක ඔය විදිහේ උපතක් ලබලා තියෙන්නේ.

යකඩ වස්ත්‍ර හැදගත් ප්‍රේතිය
(මහාපේසකාර ප්‍රේත වත්ථුව )

දිනක් මහරහතන්වහන්සේ නමක් පිණ්ඩපාතය වඩින අතරතුර ඉතාමත්ම විරූපී ශරීරයක් ඇති ප්‍රේතියක් පෙනී සිටියා.පෙනී සිටපු ප්‍රේතිය කියනවා ස්වාමීනී,මම ඔබ වහන්සේගේ බිරිද වෙලා හිටපු කෙනයි.ඔබ වහන්සේ ඒ කාලයේ දන්පැන් පූජා කරන විට මම බැන වැදුනා.
මම නිතරම මසුරුකමින් කෑදරකමින් ජීවත් වුනා.
ස්වාමීනී,ඔබ වහන්සේ ඒ කාලයේ දන්පැන් පූජා කරන විට ඔය දානයේ විපාක වශයෙන් එබට අසූචි,මුත්‍රා,ලේසැරව ලැබියන් කියලා මම ද්වේෂයෙන් බැන වැදුනා.වස්ත්‍ර පූජා කරන විට යකඩෙන් කරපු වස්ත්‍ර ඔබට විපාක වශයෙන් ලැබියන් කියලා බැන වැදුනා.
අනේ ස්වාමීනී,ඒ අකුසලයේ විපාක වශයෙන් දැන් මම ප්‍රේත ලෝකයේ ඉපදිලා කාලයක් තිසසේ ඒවම තමයි කකා ඉන්නෙ.අසූචි යි, මුත්‍රා යි ,ලේ යි,සරව යි තමයි කර්මානුරූපව මගේ කුසගිනි වේදනාව නිවාගන්න මට කන්න ලැබෙන්නේ.මට වස්ත්‍ර ලැබෙන්නේ නැහැ.
යකඩෙන් කරපු බරෙන් යුක්ත වස්ත්‍රයක් තමයි කර්මානුරූපව මට ලැබිලා තියෙන්නේ.විරූපී ශරීරයක් ඇතිව ප්‍රේත ලෝකයේ ඉපදිලා මේ තරම් දුක් පීඩා විදින්නේ එදා මනුස්ස ලෝකෙදි ධානය වලක්වමින් මසුරු කමෙන්,නින්දා අපහාස කිරීමේ විපාකය නිසයි.

මිනිසුන්ගේ ලේ බිබී ජීවත් වන විරූපී ප්‍රේතයා
(නාගපේත වත්ථුව - ඛුද්දක නිකාය - ප්‍රේථ වත්ථු පාළි)

දිනක් ඍද්ධි බලසම්පන්න මහරහතන්වහන්සේ නමක් හට මිනිසුන්ගේ ලේ බොමින් ජීවත් වන කැඩුනු බිදුණු අතපය ඇති විරූපී ශරීරයකින් යුතු ප්‍රේතයෙන් දකින්නට ලැබුණා.දඩු මුගුරු අත් වලින් දරාගෙන දුකෙන් හඩහඩා වේදනා විදිමන් ඇගේ නූල් පොටක් නැතිව කර්මානුරූපීව ප්‍රේත ලෝකයේ අමනුස්සයන් අතර ඉපදී සිටින මේ ප්‍රේතයා දිහා බලලා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පාපයක් කරලද මේ විදිහේ උපතක් ලැබුණේ කියලා මහරහතන්වහන්සේ ඇහුවා.
අනේ ස්වාමීනී,මනුස්ස ලෝකෙ සිටිද්දී මගේ ලොකු පුතා දන් දුන්නා,බොහෝ දුන්නේ බොහෝ පින්දහම් රැස් කලා.අද එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා බොහෝ සැපසම්පත් විදිනවා.ඒ විතරක් නොවෙයි,අපේ මධ්‍යම පුතා දානපතියෙක් වෙලයි හිටියේ.අද එයත් දිව්‍ය ලෝකේ බොහෝ සැපසම්පත් විදිමින් දිව්‍යමය වූ පංචකාමයන්ලෙන් සතුටු වෙවී ජීවත් වෙනවා.ඒ විතරක් නොවෙයි,අපේ බාල දෝනි තමන්ට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා.දැන් ඉතින් ඇයත් දිව්‍ය ලෝකෙ ඉපදිලා සැප සේ සතුටු වෙනවා.
නමුත් ස්වාමීනී,අපේ දරුවෝ හිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කරන විට අපි බැන වැදුණා.මුසුරු කමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා.අද මගේ දරුවෝ දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා.නමුත් මම ඒ අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලෝකයේ ඉපදිලා දුක් විදිනවා.
එවිට මහරහතන්වහන්සේ අහනවා ප්‍රේතය,ඔබලාගේ කෑම බීම මොනවාද,කියලා.ස්වාමීනී අපි කරන්නේ මිනිසුන් ආරවුල් ඇති කරගෙන ඇන කොටා ගනිද්දී ගලන ලේ ,සැරව බොන එකයි.අපට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ...

බුදුරජාණන් වහන්සේව බය කිරීමට උත්සාහ කළ යක්ෂයා
(සුචිලෝම සූත්‍රය - සංයුක්ත නිකාය - යක්ඛ සංයුක්තය)

දිනක් ඛුදුරජාණන් වහන්සේ ගයාවේ එක්තරා ප්‍රදේශයක පිහිටි සුචිලෝම යක්ෂයා වාසය කරන ප්‍රදේශය අසල භාවනාවෙන් වැඩ සිටියා.ඒ අතරතුර ඛරලෝම කියන යක්ෂයාත්,සූචිලෝම කියන යක්ෂයාත් ඛුදුරජාණන් වහන්සේට නුදුරින් යමින් සිටියා.ඛරලෝම යක්ෂයා සුචිලෝම යක්ෂයාට කතා කරලා - ඒයි අන්න ශ්‍රමණයෙක්,කිසිදු බියක් නැතිව මේ ප්‍රදේශයට ඇවිත් ඉන්න ශ්‍රමණයා කවුද-කියලා පෙන්නුවා.සුචිලෝම
යක්ෂයා බුදුරජාණන් වහන්සේ ලගට ගිහින් බය කරන්න හිතාගෙන භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා.ඉතා රඵ ස්පර්ශයකින් යුතු නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා.සුචිලෝම යක්ෂයා අහනවා,-ඒයි ශ්‍රමණය නුඹ මට බයයි නේ-බුදුරජාණන් වහන්සේ වදාලා,යක්ෂය ඔබ ගැන මට කිසිම බයක් නැහැ.නමුත් ඔබේ ස්පර්ශය හරිම රඵයි කියලා.
බුදුරජාණන් වහන්සේව වචනයෙන් බය කරන්න හිතපු සුචිලෝම යක්ෂයා කියනවා,-හැබැයි ශ්‍රමණය,මම නුඹෙන් ප්‍රශ්න අහනවා,උත්තර දෙන්න බැරිවුනොත් ඔබේ මනස විකෘති කරලා සිහි විකල් කරනවා.එක්කෝ ඔබේ පපුව පලලා දානවා.එහෙමත් නැත්නම් පා වලින් අල්ලලා ගගෙන් එතෙරට විසි කරලා දානවා-කියලා.
බුදුරජාණන් වහන්සේ වදාලා,යක්ෂය ඔය කියන එකක්වත් නුඹට කරන්න ලැබෙන්නේ නැහැ.තථාගතයන් වහන්සේ හට එවැනි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් දෙවියන්,මරුන්,බඹුන්,ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කොහෙවත් නෑ.නමුත් යක්ෂයා,ඔබ ප්‍රශ්න අහන්න,මම පිලිතුරු දෙන්නම් කියලා.
සුචිලෝම යක්ෂයා අහපු ප්‍රශ්න සියල්ලටම බුදුරජාණන් වහන්සේ පිලිතුරු දීලා යක්ෂයාව දමනය කළා.අවසානයේ සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදීමට පත්වුනා.

මෙම පහතින් සදහන් විස්තරය ඉතා හොදින් කියවන්න...

ප්‍රේතයන් යනු කවරෙක්දැයි ඉහත සදහන් බුද්ධ දේශනාවන් අනුව විමසා බලන විට යම් තරමකින් හෝ වැටහීමක් ඔබට ලබාගත හැක.ඕපපාතිකව ප්‍රේත ලෝකයේ උපන් ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් පමණක් නොව මහා සාගරයේ පවා අද්භූත ශරීර ඇති විශාල අමනුෂ්‍යන් ජීවත් වන බව බුද්ධ දේශනාවන්හි සදහන්ය.

අංගුත්තර නිකායේ සදහන් පහාරාද සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මහා සාගරය තුළ තිමි,තිමංගල,තිමිපිඩර නාග,අසුර,ගාන්ධර්ව, යන නම් වලින් යුතු,ඕපපාතිකව උපදින යොදුන් සියයක් පමණ විශාල ශරීර ඇති, යොදුන් දෙසීයක් පමණ විශාල ශරීර ඇති, යොදුන් තුන් සියයක් පමණ විශාල ශරීර ඇති,යොදුන් හාරසියයක් පමණ විශාල ශරීර ඇති අද්භූත සත්ව කොටස් ජීවත් වන බවයි.ඔවුන් අයත් වන්නේද අමනුෂ්‍ය සත්ව ඝනයන්ටම ය.

බුද්ධ දේශනාවන් ඔස්සේ විමසා බලන විට ප්‍රේත ලොව උපන් අමනුෂ්‍යන්ගෙන් මිනිසුන් හට බොහෝ හිංසා පීඩාවන් සිදුවන බව වටහා ගත හැකිය.බොහෝ ප්‍රේතයන් ආහාර ලෙස පවසා ඇත්තේ මිනිසුන්ගේ ශරීර වලින් ගලන ලේ,සැරව,දහඩිය,සොටු ආදිය අපවිත්‍ර ද්‍රව්‍යන්ගෙන් ජීවත් වන බවයි.බොහෝ අමනුෂ්‍යයින් මිනිසුන් අතර නොරිස්සුම් ඇති කරවමින් එකිණෙකා රණ්ඩු සරුවල් කරගන්නා විට ගලා යන ලේඋරා බීමට පෙළඹී සිටියි.
බොහෝ යක්ෂයින් බුද්ධ දේශනාවන්හිදී පවසා ඇත්තේ මිනිසුන්ගේ මනස විකෘති කොට දැමීමට තමන්ට හැකියාව
ඇති බවයි.

බුදුරජාණන්වහන්සේ වැඩ සිටියදී පවා විසාලා මහනුවර රෝග බිය,දුර්භික්ෂ බිය,අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කොට පිරිත් පැන් ඉසින ලෙස ආනනද හිමියන් හට පවසා රතන සූත්‍රය දේශනා කොට වදාලහ.ඒ අනුව බලන විට විසාලා මහනුවර වැසියන් හට කෙතරම් භයානක අයුරින් අමනුෂ්‍යන්ගේ උවදුරු නිසා ඇතිවන බිය පැවතුනේද යන්න වටහා ගත හැකිය.

එපමණක් නොව ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් ආදී අමනුෂ්‍යන් ගෙන් ශ්‍රාවකයන් හට සිදුවිය හැකි අනතුරු වලින් මිදීම පිණිස ආටානාටීය සූත්‍ර දේශනය බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලහ.ඒමෙන්ම මෛත්‍රී භාවනාවේ ආනිශංස ලෙස අමනුෂ්‍යන්ගේ උවදුරු වලින් මිදිය හැකි බවද,දෙවියන්ගේ ආරක්ෂාව ලැබිය හැකි බවද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල අතර මෛත්‍රී භාවනාව වඩව ශ්‍රාවකයන් හට හිරිහැර කිරීම පිණිස යම් අමනුෂ්‍යයෙකු උත්සාහ කරයිනම් දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අත් දෙකෙන් මිරිකා ගෙන නැමීම පිණිස
උත්සාහ දරණ තැනැත්තාම ඒ හේතුවෙන් අනතුරේ වැටී වෙහෙසට පත්වන්නා සේ මෛත්‍රී භාවනාව වඩන ශ්‍රාවකයන්ට හිරිහැර කිරීමට
පැමිණෙන අමනුෂ්‍යන් අනතුරේ වැටෙන බව සංයුක්ත නිකායේ සත්තිසත සූත්‍රයේදි වදාලහ.

වෙන කවරදාටත් වඩා මේ යුගය තුළ ජීවත් වන මිනිසුන් භයානක අමනුෂ්‍යන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බව බුද්ධ දේශනා ඇසුරෙන්ම පෙන්වා දිය හැක.
- බ්‍රාහ්මණය,මේ යුගයේ ජීවත්වන මිනිසුන් අධර්ම රාගයෙන් රත් වූවෝ වෙති.ලෝභ කමින් විශම වූවෝ වෙති.මිත්‍යා ධර්මයෙන් යුක්ත වූවන් වෙති.අධර්ම රාගයෙන්,විශම ලෝභයෙන්,මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ මිනිසුන් අතරට යක්ෂයන්,සැඩ යකුන් මුදා හරිති.ඒ හේතු කරගෙන බොහෝ මිනිසුන් මරණයට පත්වෙති.බ්‍රාහ්මණය,මේ යුගය තුළ මිනිසුන්ගේ අඩුවීමක් වේද,මිනිසුන්ගේ ක්ෂය වී යාමක් වේද,ගම්,නියම් ගම්,නගර, දනව්,ජනපදයන්ගේ ග්‍රහණය අඩුවී යාමක් වේද මේ කරුණද එක් හේතුවකි.
(මහාසාල සූත්‍රය - අංගුත්තර නිකාය - තික නිපාතය)

වර්තමානයේ වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි අයුරින් මිනිසුන් මරණයට පත්වන අවස්ථා කොතෙක් නම් ඇත්ද..ඇගේ ලේ නැතිවීම නිසා බොහෝ මිනිසුන් වර්තමානයේ මරණයට පත් වෙති.වෛද්‍යවරුන් ලියුකේමියාව ආදී නම් යොදමින් ලේ පිලිකාවක් යැයි හදුන්වා සුව කල නොහැකි යයි පවසා ගෙදර යැවූ රෝගීන් ගේ ශරීර තුළ ලේ බොමින් සිටි අමනුෂ්‍යන් ඉවත් කළ පසු ඔවුන් තවමත් හොදින් ජීවත් වන බවට සාධක වර්තමානයේ ඕනෑතරම් දැකිය හැකිය.

ඒ නිසා බටහිර විද්‍යාවන් අනුව පමණක් සෑම දෙයකම සත්‍ය අසත්‍යතාව විමසා බැලිමට උත්සාහ නොකොට ව්ද්‍යාඥයින් හට තවමත් සොයාගත නොහැකි වූ සත්වයන් ලොව පවතින බව වටහා ගත යුතුය...

මෙම කරුණු වලට අදාල නොවන නමුත් මතක තබා යුතු කරුණක් - අප විසින් බොහෝ විට මළගිය ඥාතින්ට පින් දෙනු ලබයි.නමුත්
එම මියගිය තැනැත්තා නැවත මනුෂ්‍යවෙකු වී උපත ලැබුවේනම් එම පින අනුමෝදන් වන්නේ නැත.තිරිසන් ලොව,නිරයේ,අසුරකාය තුළ උපත ලැබුවද ඒ පින් අනුමෝදන් වන්නේ නැත.පින් අනුමෝදන් වන්නේ ප්‍රේත ලොව උපන් විශේෂ සත්ව කොට්ඨාසයකට පමණි.ඒ පින් බලාපොරොත්තුවෙන් සිටින පරදත්තූප කියන ප්‍රේත කොටසයි.අපේ මළගිය ඥාතිවරයා හෝ ඥාතිවරිය පරදත්තූප නම් ප්‍රේතයන් අතර උපත ලැබුවහොත් පමණක් අප විසින් දෙනු ලබන පින අනුමෝදන් කර ගනී.ඔබ මේ කරුණ දැනගත් නමුත් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම නතර නොකල යුතුය.මන්ද මේ දීර්ඝ වූ සසර ගමන තුළ අපේ ඥාති වූ පින් බලාපොරොත්තුවෙන් සිටින කොතෙක්
අය ඇත්ද.ඔවුන්ගේ ජීවිත යහපත් කරලිම පිණිස ඔබ පිං අනුමෝදන් කළ යුතුය.මන්ද පුණ්‍යානුමෝදනාවද පිණකි.ඔබ විසින් යමෙකු මියගිය පසු දවස් 7න්,මාසෙන් යන කාලවලදී දෙනු ලබන සාංඝික හා ධර්ම දානමය පුණ්‍ය ශක්තිය බෙහෙවින් උපකාර වන්නේ ඔබේම මෙලොව පරලොව ජීවත් වලටයි.තවද මියගිය පසු පින්පෙත් දීම බුදුරදුන් සිගාලෝවාද සූත්‍රයේ වදාල පිරිදි දරුවන් විසින් දෙමාපියනට ඉටුකළ යුතු යුතුකම් අතරින් එකකි.

අප මෙසේ ඉදිරිපත් කරන ලද ලිපියෙන් ඔබ යම් හෝ ධර්ම කරුණක් දැන ධාරණය කරගත්තායැයි සිතමු.සසර බිය ඇති කරගනිමින් තුණුරුවන් කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමටත් ,එමගින් ධර්ම මාර්ගයේ ගමන් කිරිමට පසුබිම සැකසීමත් සසර තරණය අපේ අරමුණු වේ.

මේ ධර්මදානමය කුසල කර්මය ඔබටත් අපටත් මේ ජීවිතයේදීම මාර්ගඵල පිණිස හේතු වේවා...වාසනා වේවා...
සාධු...සාධු...සාධු...
තෙරුවන් සරණයි...

Friday, May 10, 2013

පහන් පූජාවේ අනුසස්,

"දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.

අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,

කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් "ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා" යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.

(ආපදානපාළියෙන්)

ඔබ සැමට සම්මා සම්බුදුසරණයි!

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
ගුරු උපදේශක අතාවුද සෝමරත්න

අපගේ ගෞතම බුදුපියාණන් වහන්සේ සිව්වනක් පිරිස සමඟ ධර්ම සාකච්ඡාවකයෙදී සිටි සේක. එහිදී සසර ගමන කෙටි කරගෙන දුකින් මිදී නිවන් දකින්නට අනුගමනය කළ යුතු පිළිවෙතක් මෙසේ දෙසූ සේක.

මහණෙනි! අපගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනැසට ගෝචර වන අරමුණු වෙත අප සිත බැඳ ගත් විට අපගේ සසර ගමන දික්වෙයි. අපමණ දුක් විඳීමට සිදුවෙයි. එමනිසා ඇස, කන ආදී ඉඳුරන් සංවර කර ගන්නා ආකාරය මෙසේ දෙසූහ.

ඇසට පෙනෙන දේ හොඳයි, හැඩයි, ලස්සනයි ආදී වශයෙන් ගෙන රාගයක්, කාමයක් ඇතිකර ගැනීමෙන් ද, එම අරමුණු අවලස්සනයි, අමිහිරියි, කැතයි ආදී වශයෙන් ගෙන අමනාපයක්, තරහක්, වෛරයක් ඇති කර ගැනීමෙන් ද සිදුවන්නේ සසරට බැඳීමයි. එවැනි ලෝභ, ද්වේශ චේතනාවක් මුල්කරගෙන මිය ගිය විට දුගතිගාමි වී සසරේ අනන්ත කාලයක් දුක් විඳින්නට සිදුවෙයි. කනට ඇසෙන ශබ්දය මිහිරිය කියා එහි ඇලේ නම්, රාගයක්, කාමයක්, තණ්හාවක් ඇතිකර ගනී නම් සසර බැඳීමට එය හේතු වෙයි. එමනිසා, අපමණ දුක් විඳිමින් සසරේ ගමන් කිරීමට සිදුවෙයි. එසේම කනට ඇසෙන ශබ්දය අමිහිරිය කියා හෝ සිතට වේදනාගෙන දෙන්නක් කියා හෝ තරහක්, වෛරයක්, ද්වේශයක් ඇති කර ගනීද, එවැනි අය ද දීර්ඝ කාලයක් සසරේ දුක්විඳිති.

මෙසේ නාසයට දැනෙන සුවඳ මිහිරිය කියා ආශා කිරීමෙන් ද, එම සුවඳ අහිමිරිය කියා තරහක් ඇති කර ගැනීමෙන් ද, දිවට දැනෙන රසය ප්‍රණීතය කියා එහි ඇලීමෙන් ද එම රසය නීරසය, අපි‍්‍රයය කියා ද්වේශයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන්ද, කයට දැනෙන පහස මෘදුය, මොළොක් ය, සැපය, කියා එහි ලොල් වී රාගයක්, කාමයක් ඇති කර ගැනීමෙන් ද, එම පහස ගොරෝසුය, සැප නැතය, කියා සිතේ දුකෙන් වේදනාවෙන්, තරහෙන් ගැටුම් ඇති කර ගැනීමෙන් ද අනන්ත කාලයක් සසරේ ගමන් කිරීමට සිදු වෙයි. එසේම, මනැසට ගොදුරු වන්නේ විවිධ සිතිවිලි ධර්මයන් ය. ඒ කෙරෙහි ද ඇලීම, ගැටීම නුසුදුසු ය.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදි මෙම අරමුණු පිළිබඳ යමෙකුගේ සිතෙහි ලෝභාදි අකුසල සිතුවිලි පහළවෙයි ද, ඒ අනුව වැඩ කරයිද එම සිතුවිලිවලින් අපිරිසුදු වූ මනැසින් මිය ගිය විට ඔහු උපදින්නේ ද දුගතියකය. එමනිසා අනන්ත කාලයක් රුදුගොර සසරේ දුක් විඳින්නට සිදුවේ. කුසල් දහම් කරගෙන සසර කෙටිකර ගන්නට වාසනාව උදා නොවේ.

එම නිසා, අපගේ ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි ධර්ම යන මෙම අරමුණු ගැන ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගෙන, පසිඳුරන් හා ඒවාට ගොදුරුවන අරමුණු අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යනුවෙන් යථාර්ථය අවබෝධ කරගන්නට උත්සාහ ගනිමු. මේ සඳහා ඔබගේ ප්‍රයෝජනය පිණිස උදාහරණ දෙකක් ඉදිරිපත් කරමි.

ගෞතම බුදු පියාණන්ගෙන් කමටහන් ලබාගෙන විදර්ශනා භාවනා වඩා චක්ඛුපාල තෙරණුවෝ රහත් වූහ. එහෙත් එතුමා පෙර භවයක දී අක්ෂි වෛද්‍යවරයකුව සිටියදී තමන්ට බොරු කියූ කාන්තාවකගෙන් පළිගැනීමට ඇයගේ ඇස් දෙක අන්ධ කළ පාපයේ විපාකයක් වශයෙන්, මෙම භවයේ දී රහත්වුවත් ඇස් දෙක අන්ධ විය. එම නිසා අපිද අන් අයගෙන් වරදක් සිදු වුවද පළිගැනීමේ පාපී චේතනාව දුරු කර ඔවුන්ට සමාව දෙන්නට පුරුදු වෙමු.

අනෙක් උදාහරණය මෙසේ ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි සුමංගල නම් සිටුතුමා දිනක් අලුයම බුදුන් දකින්නට පිටත් වී මහ මඟ යන විට පාර අද්දර තිබූ අම්බලමක නිදා සිටි මිනිසකු දිටීය. ඔහුගේ දෙපාවල මඩ ද තැවරී තිබෙනු දුටු සිටුතුමා මොහු හිරු නැගෙද්දීත් නිදා සිටීම වරදකැයි පවසමින් එතැනින් ඉවත්ව ගියේ ය. ඇස් හැර බලා සිටුතුමා හඳුනාගත් එම පුද්ගලයා සුමංගල සිටුතුමා කෙරෙහි වෛරයක් ඇති කරගෙන ඔහුගෙන් පළිගන්නට තීරණය කර ගත්තේ ය. ඒ අනුව, සුමංගල සිටුවරයාගේ ගවගාලට හොරෙන් පැන හත්වාරයක් ගවයන්ගේ පාද කැපීය. එයිනුදු සිටුවරයා රිදවීමට, කෝප ගැන්වීමට නොහැකි වූ තැන සුමංගල සිටුවරයාගේ මාළිගාවට ගිනි තැබීය. මේ පාපකාරී පුද්ගලයා බලාපොරොත්තු වූ සේ සිටුවරයා රිදවීම එමගින්ද නොහැකි විය. අනතුරුව හේ සුමංගල සිටුවරයා විසින් මහත් ධනය යොදවා සකස්කර කාශ්‍යප බුදුරදුන්ට පූජා කරන ලද සුගන්ධ කුටියට ගිනි තැබීය.

එම සොරා විසින් කරන ලද එකද ක්‍රියාවක් නිසාවත් සුමංගල සිටුතුමා තම සිතේ තරහක්, ද්වේශයක්, වෛරයක් ඇති කරගත්තේ නැත. එයට හේතුව, කාශ්‍යප බුදුහිමියන්ගෙන් ඉගෙන ගත් ධර්මය අනුව ජීවිතය හැඩ ගසා ගත් නිසා ය. ඇස, කන ආදී ඉඳුරන් දමනය කරගත් නිසා ය. සිත සංවර කර ගත් නිසා ය. එමනිසා සිටුතුමා සොරාගෙන් පළිගත්තේ නැත. සිත විපිළිසර කර ගත්තේ නැත. එහෙත්, පළිගැනීමේ චේතනාවෙන් සොරා විසින් කරන ලද මහා පාප කර්මයන්ගේ විපාක වශයෙන් බොහෝ කලක් නිරයේ දුක්විඳ අනතුරුව සර්පයකුගේ හැඩය ඇති ප්‍රේතයකු වී ඉපදුනි. එම සත්වයාගේ සිරුර නිරන්තරයෙන් ගිනිගෙන දැවෙයි. තවමත් එසේ දුක් විඳියි. එම නිසා ඇස, කන ආදී ඉඳුරන්ට ගොදුරුවන අරමුණු වලින් සිත තුළ ඇලීම්, ගැටීම් ඇති කරනොගෙන සසර ගමන කෙටි කරගන්නට අදිටන් කර ගනිමු.

~~~~තෙරුවන් සරණයි~~~~
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
The way of Nibbana

බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,මහරැඹෑවැවේ පාලිත හිමි

පුද්ගල විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මයයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බව බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ අසාමාන්‍ය අසිරිමත් බුදු නුවණින් අවබෝද කොට ලොක සත්වයන්ගේ හිත සුව පිණිස දේශනා කොට වඳාලහ.
යමෙක් අල්ප ආබාධ සහිතව හෙවත් නීරෝගීව ජීවත් වන්නේ නම් ඒ සඳහා ද බලපාන ප්‍රධාන හේතුව කර්මයම බව ඔබට වැටහෙනවා ඇත .චුල්ලකම්ම විභංග සූත්‍රය ඇසුරෙන් නිරෝගී සම්පත් ලැබීම සඳහා බලපාන කර්ම විමසා බලමු.

~~නිරෝගී සම්පත් ලැබීම සඳහා බලපාන කර්ම~~

“ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා සො තෙන කම්මෙන එවං සමන්තෙන ඒවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චායාති අප්පාබාධො හොති. අප්පාබාධ සංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, සත්වයන් පීඩාවට පත්නොකරන සුළු වූයේ වෙයිද, මෙසේ ඔහු හෝ ඇය සත්වයන් කෙරහි දයාවෙන් යුක්තවීමේ කුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් නිරෝගී සැප ඇත්තෙක් බවට පත් වෙයි. මෙය නිරෝගී සම්පත් ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

අල්ප ආබාධ සහිතව නිරෝගීව ජීවත් වීමට ඔබත් ප්‍රිය කරනවා නම් ඉහත දක්වා ඇත්තේ ඒ සඳහා හේතුවන ප්‍රතිපදාවයි,සත්වයන්ට කරුණාව දයාව යුක්තව ජීවත් වීමේ කුසල කර්මය ඔබත් මෙම ප්‍රතිපදාව ඔබගේ ජීවිතය තුල පුරුදු පුහුණු කොට නිවන් දකින තුරු ලබන්නාවූ ජීවිත නිරොගී ජීවිත කර ගනිත්වා..

~~~~තෙරුවන් සරණයි~~~~
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
සබ්බ දානං ධම්ම දානං ජිනාති(සියළු දානයන්ට වඩා ධර්ම දානය උසස්ය)
The way of Nibbana

බුදුසරණ ඇසුරෙනි
මහරැඹෑවැවේ පාලිත හිමි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය. රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.

ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.

මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය. ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?

ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.

එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.

ආදරණිය දියණිවරුනි ,මව්වරුනි ඔබත් සිතා බලන්න .පතිව්‍රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය..

~~~~තෙරුවන් සරණයි~~~~
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න,,,,
The way of Nibbana

බුදුසරණ ඇසුරෙනි
පින සහ පව කරන අරුම පුදුම වැඩ...

ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක් ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින් ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන... වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත හැකිවේ.අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන් පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත....වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා අකටයුතුකම් සිදු කරති.

ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත් දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන් පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන් වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය. හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න....අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!.....

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
පතාක ප්‍රේත වස්තුව,

පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් ස්තූපයක් විය. එහි ඔසවා තිබූ කොඩියක් සුළගින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිණ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සදහන් කර තිබූ අකුරු දැක චෛතයට පුද ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභකොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය.

කලකට පසු ඔහු කළු්‍රිය කොට ගිනියම් වූ දහසක් යපට ඇගේ වෙළුණු ප්‍රේතයෙක් විය. ඔහුට වාඩිවන්නට හෝ නිදන්නට හෝ නොපිළිවන. කෑම් බීම් කරන්නට නොපිළිවන. ඔහු මහබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මද්‍රයම රාත්‍රීයේ එක්තරා ස්ථවිර නමක් ඉදිරියේ පෙනී සිට, ඔහුට පැමිණි දුක කියා සිටියේය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ, "නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැයි" ඇසූහ. "හිමියනි! දීර්ඝායු චෛතයට කොඩි දහසක් පුදා මට පින් දුනහොත් මිදිය හැකි වන්නේය." කියමින් ප්‍රේතයා අතුරුදහන් විය.

ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන්වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛතයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටගුලක් විවුර්ත විය. එදින රාත්‍රීයේ ප්‍රේතයා නැවතද තෙරුන්වහන්සේට පෙනී සිට හිස අටගුලක් විවුර්ත වූ බව කීය. තෙරුන්වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛතයට පුදා පින් දුන් කල්හි තවත් අටගුලක් ප්‍රේතයාගේ ශරීරය විවුර්ත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණකළ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය.

එදින මධයම රාත්‍රීයේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන්වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන්වහන්සේ නුඹ කවරෙක්දැයි ඇසූ කල්හි "හිමියනි! මම පෙර ගිනියම් වූ දහසක් යපටින් වෙළී කෑමක් බීමක් නැතිව වාඩිවීමක් නිදීමක් නැතිව මැරෙන්නේද නැතිව මහ දුක් වින්දෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස! මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේය. ඒ මම නුඹ වහන්සේ දැක වැදීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමාමහ නිර්වාණ සුඛයට පැමිණෙන්නට ලැබේවායි ප්‍රේතයා කීය.

ඉක්බිති හෙතෙම්මේ හිමියනි ; බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තැනෙහි කළ ස්වල්පවූ ද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේය. එසේම ඒ තුන් තැන්හි කරන ස්වල්ප වූ ද පූජාව අනන්ත ඵලදායක වන්නේය යි කියා තෙරුන්වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිණා කොට වැද අතුරුදහන් විය.

මේ කථාව ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථයෙන් ගන්නා ලදී. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුවද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයෙහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කථාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නොදත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාර වල දාගැබ්වල බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ වුවමනා වලට තැනින් තැන ගෙන යති. පහන්වල තෙල් ගනිති. ඉදල් හා භාජන තමන්ගේ වුවමනා වලට ගෙනයති. කොඩි මල් ආදිය ගෙනයති. නපුරු විපාක ඇතිවිය හැකි බැවින් ඒවායින් වළකිත්වා.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
දෙව් සැප ලැබූ ඡත්ත මානවක

ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.

” ගුරුතුමනි, මා සියලු ශිල්ප හදාරා අවසානයි. මවුපියන් වෙතට යෑමට සිතමි. ගුරු පඬුරු වශයෙන් කුමන පූජාවක් ඔබ වෙනුවෙන් කළයුතු වේද? “

“ ඡත්ත ගුරු පූජාව ශිෂ්‍යයාගේ වත්කම අනුව සිදුවිය යුතුයි . “

ඡත්ත මානවකයා ගුරු පඬුරු ගෙන ඒමට තම ගම බලා පිටත් වුණා. පඬුරු පූජාව පියාට දැන්වීමෙන් පසු ඔහුට ඒ සඳහා කහවනු දෙදහසක් ලැබුණා. කහවනු පොදිය රැගෙන ඡත්ත එදාම උක්කට්ඨා නුවරට පිටත් වුණා.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා. ඡත්ත තරුණයා තිසරණ සරණෙහි පිහිටියහොත් දෙව්ලොව ඉපදීමට හැකියාව තිබෙන බව දුටු මුනීන්ද්‍රයන් වහන්සේ, ඡත්ත ගමන් කරන අතර මග ගසක් මුල වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ තරුණයා ඒ අසලට ගොස් උන්වහන්සේට වන්දනාමාන කළා.

“ ඡත්ත මානවකය, මේ අවේලාවේ ඔබ යන්නේ කොහෙද? “

“ ස්වාමීනි! ගුරු පඬුරු රැගෙන මා උක්කට්ඨා නුවර පොක්කරසාති ගුරුතුමා හමුවීමට යන්නෙමි. “

“ මානවකය ඔබ තිසරණ පන්සිල් දන්නවාද? “

“ ස්වාමීනි, මම නොදනිමි, එය ඉගෙනීමෙන් මට යම් ප්‍රයෝජනයක් වේද? “

“ ඡත්ත , මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න’’

යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

1.යෝ වදතං පවරෝ මනුජේසු - සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී

කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමය චතුරංග සමන්වාගත වීර්යයන් නිසා සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

2.රාග විරාග මනෙජ මසොකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපෙහි

ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනටයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි.මේ ධර්මයත් සරණ යන්න.

3.යත්ථ ච දින්නමහප්ඵල මාහු - චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ - සංඝමිමං සරණත්ථ මුපෙහි

යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නයද සරණ යන්න.

ඡත්ත ගාථා තුනේ තේරුම ඉගෙනගෙන ගමන සඳහා පිටත් වූවා.සොරුන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් ඡත්ත එන මඟ රැක සිට මහ වනයේදී විස පෙවූ ඊතලයක් විද ඡත්ත මරා මුදල් රැගෙන පලා ගියා. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත මිය යනවාත් සමඟ නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව යොදුන් විස්සක ආලෝකය පතුරවමින් උපත ලැබුවා.

ඡත්තගේ හදිසි අභාවය අසා සියලුම දෙනා එතැනට රැස් වුණා. සියල්ලෝම චිතකයක් සාදා මෘත ශරීරය දවාලන්නට කටයුතු පිළියෙළ කළා.

භාග්‍යවතුන් වහන්සේද ඡත්තගේ ආදාහන කටයුතු කරන තැනට වැඩියා. ඡත්ත දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් මුළුපරිසරයම ඒකාලෝක කරමින් සහ පිරිවරින් දේව විමානයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට එහි පැමිණියා.

“ මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක්ද’’? අවට සිටියවුන් කලබල වූවා.

ඡත්ත දේවේන්ද්‍රයා කළ පින්කම් රැස්ව සිටි අයට ප්‍රකට කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ විචාරණු ලැබුවා.

“මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි ඉතාම ප්‍රභාෂ්වරයි. මෙබඳු වූ දිව්‍ය ඓශ්චර්යයක් සහිතව දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුරුද’’?

ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදුයි. නිර්මලයි. සුන්දරයි.

විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.

රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ . සඳුන් සුවඳින් යුක්තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගඬ තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල් වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකුගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “

“ දේවේන්ද්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ් මොන වගේ සංවරකමත්, දමනය වීමක් නිසාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයෙකින්ද? “ යි භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.

“ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියලා වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.

ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.

අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.

ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.

සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොනවගේ යහපතෙහිද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.

භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවා ලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා “

ඒ ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාවයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න...

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
සුවද පූජාවේ අනුසස්.

දුමක් වශයෙන්ද, වතුරක්, තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන්ද සුවද පූජාකළ හැකිය. සදුන්, කපුරු, මල් ආදී සුවද ඇති දවයන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවද පූජාවේ විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනුපන් ජාතියේ අනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.

සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවද දුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතෙයෙහි බොහෝ සැප ලබාඅප බුදුරජානන් වහන්සේ වැඩවිසූ කාලයෙහි මිනිස්ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිවුපිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණියේ උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.

"යං යං යෝනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං
සබ්බේසම්පි පියො හෝමි ධූපදානස්සිදං ඵලං
චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵ්ලං.

මේ ධූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශනයකි.

මම යම් යම් ජාතියක උපන්නෙම්ද දෙවිවූ ද මිනිස්වූ ද සෑම ජාතියේම සැමටම ප්‍රිය වූවෙමි, එය ධූපදානයේ ඵලයය. මේ කපෙන් සිවුඅනූවන කපෙහි යම් ධූපදානයක් කෙලෙම්ද එතැන් පටන් මේ වනතෙක් දුර්ගතියට නොගියෙමි. මේ ධූපදානයේ ඵලයය යනු එහි තේරුමය.

(ආපදානපාළියෙන්)

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
පුරාණ ධර්ම දේශනා ක්‍රම

පැරණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති අවස්ථාවන්හි බව ඉතිහාසය පිරික්සීමේදී දැනගත හැකිය. රජවරු ඇමැතිවරු, සෙන්පතිවරු, සහ අනෙකුත් ප්‍රභූවරුද මෙම අවස්ථාවන්ට සහභාගි වූහ. සතර පොහොය දිනවල ධර්ම දේශනාවන් පැවැත්වූහ. කළුවර පොහොය දිනක, කළුදිය පොකුණ අසළ, කළුවර ගසක් යටදී කළුබුද්ධරක්ඛිත තෙරණුවන් කාලකාරාම සූත්‍රයෙන් බණ දෙසූ බව ඉතිහාසගත පුරා වෘත්තියකි. එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්මැ ගිහි ජනතාවද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස්වෙන ජනතාව උදෑසන දක්වාම ධර්මය ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු පිණිස විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. දිවාකථික, පදභාණක, ධම්ම කථික යනුවෙන් භික්ෂූන් වහන්සේලා තුන්නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා පැවැත්වීම ජාම කාසි එකතු කිරීම, වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනු ලැබීය. දිවාකථික හිමියන් ජනතාව රැස්වන තෙක් පොදු අනුශාසනාවක් පවත්වති. පදභාණක හිමියෝ මාතෘකා වශයෙන් සූත්‍ර කිහිපයක් කට පාඩමෙන් කියති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කැරෙමින් දහම් දෙසති.

ධර්ම දේශනා සඳහා ජනපි‍්‍රය සූත්‍ර ගණනාවක් තිබුණි. මහාවංසය වැනි වංස කථාවල සඳහන් පරිදි ‘දක්ඛිණවිභංග සූත්‍රය’ ‘දේවදූත සූත්‍රය’ ‘ගිලාන සූත්‍රය’ ‘සතිපට්ඨාන සූත්‍රය’ ‘දම්සක් සූත්‍රය’ ‘අරියවංස සූත්‍රය’ වැනි සූත්‍ර සහ ජාතක කථා දේශනාවන් ප්‍රධාන තැනක් ගත්තේ ය. මෙම දේශනාවලට රාජ්‍ය අනුග්‍රහ පවා ලැබුන බව සෙල් ලිපි වල සඳහන් වේ. ‘වෝහාරතිස්ස’ රජතුමා අරියවංස සූත්‍ර දේශනා උත්සවය සඳහා දානය දීම සම්පූර්ණයෙන් භාර ගන්නා ලදී. ‘තෝනිගල’ සෙල් ලිපියට අනුව ‘දේව‘ නැමැත්තෙක් ‘කාලසුමනක’ නම් බැංකුවෙහි වී, උදු, මුං වැනි ධාන්‍ය තැන්පත් කොටැ එම පොලියෙන් ‘යහිස පවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි. ‘ලබු ඇට බැඳිගල’ සෙල් ලිපියට අනුවැ පුද්ගලයන් දෙදෙනෙක් කහවණු සියයක් ද, විස්සක්ද, තැන්පත් කැර එම පොලියෙන් ‘ දේවගිරි’ විහාරයේ අරියවංශ සූත්‍ර දේශනාවට ආධාර කරයි.

පසු කාලයේ අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස්වී, නව මුහුණුවරකින් එළිදකින්නට විය. ඒ අනුවැ ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, අභිධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා, වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගෙන තිබේ. මෙම ධර්ම දේශනා ක්‍රම ද අභාවයට ගොස් නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතුරෙන් සච්චක දමනය, ආලවක දමනය, යම රජුගේ නඩු තීන්දුව, සඳකිදුරු ජාතකය, වෙස්සන්තර ජාතකය වැනි මේවා ප්‍රධාන තැනක් ගනියි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ අප රටෙහි නොකඩවා පවත්වාගෙන ගිය මෙම ධර්ම දේශනා ක්‍රම ක්‍රමයෙන් අභාවයට ගොස් ඉතිහාසයට පමණක් එක්වැ තිබීම කනගාටුවට කරුණකි. ජාතියත්, ආගමත්, සම්බන්ධ වන බැම්මක් වශයෙන් පැවති මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලාද සොයා ගැනීම පවා අපහසුය. එහෙත් ඇතැම් පිටිසරබද ප්‍රදේශවල අද ද ඒවා දක්නට ලැබීම වාසනාවකි. හුදෙක් ධර්මාවබෝධය ලබාගැනීම පමණක් මේවා මගින් අපේක්ෂා නොකළ බවත්, දැයෙහි සමගිය සමාදානය සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චරිත්‍ර පිළිබඳ විමසීමේදී පෙනෙයි. මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනපි‍්‍රය වන්නටත්, ජනතාව මේවා නොඩකවා ග්‍රහණය කැර ගැනුමටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගයන් බෙහෙවින් බලපා තිබෙන බව පෙනෙයි. වත්මනෙහි ධර්ම දේශනාවක් පැයකට හමාරකට සීමාවන බව කව්රුත් දන්නා කරුණකි. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරා පැවැත්විණ. ගොවිතැන් කැර, අස්වනු කපා, අටුකොටු පුරවා ගත් සරු සාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත්වෙයි. නිදහසේ මෙවැනි පින්කම් වලට සහභාගිවීමට හැකියාව ලැබුණි. ඒ අනුව මෙම ධර්ම දේශනා උත්සව මගින් ඔව්හු අසීමිත ආශ්වාදයක්ද ලැබූහ.

ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ පිළිබඳව ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබාදීමට කටයුතු යොදයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමටද නැරඹීමටද ජනතාව බෙහෙවින් කැමැත්තක් දැක්වූහ. එවැනි දේශනාවක් පැවැත්වෙන බව එම ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි. දැන්වීම් පත්‍රිකා මගින්ද ප්‍රසිද්ධ කරයි.

සම්බුදු පියා දෙසු බණ ටික අහගන්න
බිහිසුනු අලව් යකු දමනය කරලන්න
දහඅට වන දිනය අමතක නොකරන්න
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන්න

මෙය වසර පනහකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටා ගන්නා ලද කවියෙකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දිනයෙහි ගෘහණියෝ වේලාසනින් ආහාර පිළියෙල කරති. අඳුර වැටෙත්ම පන්දම් හුලු එළි දල්වාගෙන විහාරස්ථානය වෙත පැමිණෙති. එකල සොර සතුරු බියක් නොතිබූ බැවින් නිවෙස්වල දොරගුළු නොදමා වුවද සියලු දෙනාටම පන්සලට පැමිණීමේ හැකියාව තිබුණි. පන්සලට උචිත ඇඳුමෙන් සැරසීමට කවුරුත් වගබලා ගත්හ. නොගැළපෙන ඇඳුමින් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක්වීම ට හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදුවිය. බුදුන් උදෙසා මල් පහන්, ගිලන්පස පිදීම විශේෂ විය. පංචතූර්ය නාදය මැද්දේ එම කටයුතු සිදුවිණ.

අනතුරුවැ මල් බඳුන් වෙන්දේසිය ආරම්භ වෙයි. කිසියම් ගමක නමක් කියා මල් බදුනට මුදලක් දමති. සියලු දෙනාම උත්සාහ කරන්නේ කිසිවෙකුත් නොකී ගමක නම කියා මුදල් දැමීමටය. මෙවැනි දෙය මගින් ගැමියා ඉතා අහිංසක විනෝදාශ්වාදයක් ලැබීය. මල් බඳුන් අලෙවියෙන් පසුව සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු කරයි. මේ හැම දෙයක්ම සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව අරබයා ය. මේවා අතර ඇතැම් විට පන්තේරු නැටුමක් වැනි නර්තන අංගයක් ද ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කැරගෙනය. ඒ සඳහා අවශ්‍ය ශිල්පිනියෝ ගම තුළ නොඅඩුව සිටියහ.

මෙම මූලික කටයුතු වලින් අනතුරුවැ ධර්ම දේශනාවට සූදානම් වෙති. බොහෝවිට දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ අත්පුටුවෙන් ය. අත් පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනෙකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහු වලින් අල්ලාගෙන පුටුවක් මෙන් සකස් කැර එම අත් මත දේශකයන් වහන්සේ වාඩි කැරවා ඔසවාගෙන ධර්මාසනය මතට වැඩමවීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වඩා හිදුවීමෙන් පසුව මංගල භේරි නාදය පවත්වති. රැස්ව සිටින සියලු දෙනාම සාධුනාද පවත්වති. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතුය. පන්සිල් ඉල්ලීමට හැකියාව සහ පළපුරුද්ද ඇති බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් තබාගෙන

බුද්ධමානි චින්ත්‍යපාද පුම්බුපේන රෝරුගම්
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම්
කාමනාථ සග්ගපාද නිබ්බුතේන අන්ත්‍යගම්
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමම්

සන්ත දන්ත මති දන්තරාම වර ජිනේන සතතම් නුතං
සග්ග මග්ග ගමනග්ගහේම මහි රෝහිනී ප්‍රවර සන්නිභං
ඝෝර දුක්ඛ භව සින්ධුතාර තරනීසු නීසු නිමලා තුලං
දේථදානි සරණේන වේව වර පංචසීල මති සීතලං

මෙවැනි ගාථා, කවි කියමින් පන්සිල් ආයචනා කරයි.
නමස්කාර ගාථා ගැයීමෙන් අතුරුවැ ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් සංග්‍රහවක් ද කියයි. මෙම සංග්‍රහව සමාස, අනුප්‍රාස සහිත දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. උදාහරණ වශයෙන් මෙසේ දැක්විය හැකිය. ‘පහන් සිත් ඇති දහම්සොඬ රජව ඉපිද ධර්ම වියෝගයෙන් දෙව්සිරි නිදුල සව්සිරි සැපැනි රජ සිරි හැරපියා...’ ආදී වශයෙනි. මෙසේ පූර්ව කටයුතු රැසක් ඉටුකැර මාතෘකා පාඨයක් හෝ සුත්‍රයක් කියයි. ධර්ම අවවාදය කරයි. ඉන්පසුවැ මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරයි. උදෑසන පහට හෝ හයට මෛත්‍රී වර්ණනාව කියා පුණ්‍යානුමෝදනාවෙන් පසු ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. ආලවක දමනය වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනාවලදී බුදුහිමයන් සහ අලව් යකු අතර ඇතිවන සංවාදය මගින් ගැඹුරු දහම් කරුණු ලිහිල්වැ ඉදිරිපත් කරයි. අකුරු ශාස්ත්‍රය නොදත්, බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් අවබෝධ කැර ගත හැකි විය. දහස් ගණන් සෙනග රැස්වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු දෙනෙත් අයා බලා සිටිති. ඝෝරබිරං හඬ නගමින් අලව් යකු පැමිණෙන විට නිදා සිටි ළමෝ බියට පත්වී හඬ නගති. එය ඉතාමත් උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමග අලව් යකු දමනට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යකුට බිලි පිණිස පිළිගැන්වීමත්, අලව් යකු විසින් කුමරු බුදු හිමියන්ට පිළිගැන්වීමත් දකින කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩා වැටීම අනුවේදනීය දර්ශනයකි.

මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම කිහිපයක් පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙවැනි සත්කාර්යන්ගෙන් එදා ජනතාව බලාපොරොත්තු වුණේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය සහ දේවාශිර්වාදයයි. ආගමෙහි දියුණුව ඇතිවීමටත්, දැයෙහි සමගිය වර්ධනයටත්, මෙවැනි සිරිත් විරිත් සංස්කෘතිකාංග අභාවයට යාමට නොදී රැක ගැනීම කොතරම් වැදගත් ද?

නාලන්දේ විමලවංශ හිමි

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි