Sunday, May 5, 2013

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම 100ක්

01) බුද්ධෝ - චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක.

02) දසබලො - බල දහයක් දරණ බැවින් දසබල නම් වේ.

03) සත්ථා - සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක.

04) සබ්බඤ්ඤු - ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ.

05) දීපදූත්තම - දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ

06) මුනිද්‍රො - සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ.

07) භගවා - සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක.

08) නාථො - සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක.

09) චක්ඛුමා - ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ.

10) අංගීරසො - ශරීරයෙන් ‍රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ.

11) මුනී - තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ

12) ලෝකනාථො - කාම,රූප,අරූප යන තුන්ලෝ වැසියන්ට පිහිට වූ බැවින් ලෝකනාථ නම් වේ.

13) අනධිවරෝ - ලැබිය යුතු සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් අනධිවර නම් වේ.

14) මහෙසී - මහා ඍෂිවරුන් අතර අග්‍ර ප්‍රධාන බැවින් මහෙසී නම් වන සේක.

15) විනායක - ශ්‍රේෂ්ඨ හික්මීමක් (විනය) ඇති බැවින් විනායක නම් වේ.

16) සමන්තාචක්ඛු - සියලු ලෝකන්හි තොරතුරු කිසිවක් ඉතුරු නැතිව අවබෝධ කළ බැවින් සමන්තාචක්ඛු නම් වේ.

17) සුග‍තෝ - මිහිරි සුන්දර වූ නිවනට වැඩිය බැවින් සුග‍තෝ නම් ව්න සේක.

18) භූරිපඤ්ඤ - ඉතා සියුම් (මිනිස් ඇසට නොපෙනෙන) දෙය පවා හසුකර ගත හැකි බැවින් භූරිපඤ්ඤ නම් වේ.

19) මාරජි - සියලු මාරයන් පරාජය කර ජය ගත් බැවින් මාරජි නම් වේ.

20) නරසීහ - සියලු මිනිසුන් හට උතුම් බැවින් නරසීහ නම් වේ.

21) නරවරෝ - සියලු මිනිසුන් අතර උතුම් කෙනෙක් (බුදුන් වහන්සෙට සමාන) නොමැති බැවින් නරවරෝ නම් වේ.

22) ධම්මරාජා - සියලු ගුණධර්මයන්ට රජු වූ බැවින් ධම්මරාජා නම් වේ.

23) දෙවදෙවො - සියලු දෙවියන්ට දෙවි (දෙවියන්ට පිහිට) වූ බැවින් දෙවදෙවො නම් වේ.

24) ලෝකගුරු - සියලු ලෝ වැසියන්ගේ ගෞරව (ගුරු ගෞරව) ලබන බැවින් ලෝකගුරු නම් වේ.

25) ධම්මස්සාමි - සියලු ගුණධර්මයන්හි අග්‍ර ප්‍රධාන බැවින් ධම්මස්සාමි නම් වේ.

26) තථාගත - සසර නොනැවති නිවණට පැමිණි බැවින් තථාගත නම් වේ.

27) සයම්භූ-තමාම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් සයම්භූ නම් වේ.

28) සම්මා සම්බුද්ධ - පංචවිධ ඥෙය්‍ය මංඩලය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

29) වරපඤ්ඤ - කිසිවකුට සමකල නොහැකි නුවණ දරණ බැවින් වරපඤ්ඤ නම් වේ.

30) අන්නජිත - ජයගත යුතු සියල්ලම ජයගත් බැවින් අන්නජිත නම් වේ.

31) අසමෝ - කිසිවෙකුට සමකළ නොහැකි බැවින් අසමෝ නම් වේ.

32) අස සමෝ - වෙනත් බුදුවරුන්ට පමනක් සමකළ හැකි බැවින් අස සමෝ නම් වේ.

33) අප්පටිමෝ - සියලු ලක්ෂණ ඇතුළත් කර ප්‍රතිමාවක් නොකළ හැකි බැවින් අප්පටිමෝ නම් වේ.

34) අප්පටිභාගෝ-තමන් දෙසු ධර්මය එසේ නොවේ යැයි කිමට කිසිවෙක් නොමැති බැවින් අප්පටිභාග නම් වේ.

35) අප්පටි පුද්ගලෝ - ඔබ බුදුන් නොවේ, මම බුදුවරයායි කීමට කිසිවෙක් නොමැති බැවින් අප්පටි පුද්ගල නම් වේ

36) සෙට්ඨො - සියලු ලෝ වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් සෙට්ඨො නම් වේ.

37) ජෙට්ඨො - සියලු ලෝ වැසියන්ට වැඩිමහල්ලා වූ බැවින් ජෙට්ඨො නම් වේ.

38) සත්‍යපුංගව - ශාක්‍ය වංශය බබලවන බැවින් ඒ නම යෙදේ.

39) මායාදෙවිසුභ - මායා දේවියගේ පුතා වූ බැවින් මායාදෙවිසුභ නම් වේ.

40) සමන්තභද්ද - සියලු තැනම යහපත සිදුකරන බැවින් සමන්තභද්ද නම් වේ.

41) නරාසභ - මිනිසුන් අතර ඉපිද මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් නරාසභ නම් වේ.

42) ලෝකජින - සියලු ලෝක ජයගත් බැවින් ලෝකජින නම් වේ.

43) ලෝකජි - ජයගත යුතු වෙනත් ලෝකයක් නොමැති බැවින් ලෝකජි නම් වේ.

44) පුරිසධම්මසාරති - පුරිසයන් දමනය කිරීමේ දක්ෂ බැවින් ඒ නම් වේ.

45) ධම්මස්සරෝ - සියලු ධර්මයන්ට ප්‍රධාන බැවින් ධම්මස්සරෝ නම් වේ.

46) අච්චෙජකධජ්ජ වචනො - නොබිඳිය හැකි වචන ඇති බැවින් ඒ නමින් හැඳින්වේ.

47) සත්ථ වාහක - අනේක සත්වයන් සසරින් එතෙර කරන බැවින් සත්ත වාහක නම් වේ.

48) විශුද්ධිදෙව - සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් ඒ නම් වේ.

49) සමණීස්සර - සියලු ශ්‍රමණයන්ට අධිපති වූ බැවින් සමණීස්සර නම් වේ.

50) ජළභිඤුඤ - සමභිඤු ලැබූ බැවින් ඒ නම යෙදේ.


51) ජනෙසුත - සියලු සත්වයන්ට දෙමාපියෙකු වූ බැවින් ජනෙසුත නම් වන සේක.

52) යතිරාජ - සියලු යතිවරුන්ට රජබැවින් යතිරාජ නම් වේ.

53) ලෝකබන්ධු - සියලු ලෝ වැසියන්ගෙ විස්වාස වූ නෑයා බැවින් ඒ නම් වේ.

54) ලෝකපජේජාත - තුන් ලොවෙහි අඳුර දුරලු පහනක් වූ බැවින් මේ නම් වේ.

55) අමතංදද - නිර්වාණය නැමති අමෘතය සොයාදුන් බැවින් ඒ නම් වේ.

56) සද්ධම්මචක්කවත්ති - සියලු සද්ධර්මයන්ට අණසක පතුරවන බැවින් ඒ නම් වේ.

57) ලෝකදීප - තුන් ලොවට පහනක් වූ බැවින් ඒ නම යෙදේ.

58) නිරුත්තමෝ - කිසිලෙසකින් උතුම් බව නොපිරිහෙන බැවින් ඒ නම යෙදේ.

59) ලෝකත්තයවිදු - තුන්ලොව අඳුර දුරලූ පහනක් වැනිවූ බැවින් ඒ නම යෙදේ.

60) පුරිසත්තම - ලොවට උතුම් ශ්‍රේෂ්ඨ පුරුෂයකුවූ බැවින් මේ නමින් හැඳින්වේ.

61) සච්චදදස - ලෝකයේ සියලු සත්‍ය දු‍ටු බැවින් ඒ නම් වේ.

62) සතප්‍රඤ්ඤ ලක්ඛණ - සියයක් පිං ලකුණු දරන බැවින් ඒ නම යෙදේ.

63) රවිබන්දු - සූර්ය වංශයට නෑයෙක් වූ බැවින් ඒ නමින් හැඳින් වේ.

64) පඤචනෙත්ත - පසැස් ඇති බැවින් පඤචනෙත්ත නම් වන් සේක.

65) සබ්බාහිගූ - සියලු කෙලෙස් මැඩලූ බැවින් ඒ නම යෙදේ.

66) සබ්බාහිවිදු - සියලු නුවණින් පසක් කළ බැවින් ඒ නම යෙදේ.

67) පාරගූ - සසර සයුරෙන් එතෙර වූ බැවින් ඒ නම යෙදේ.

68) සබ්බදස්සාමි - සියලු ධර්මයන් බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

69) නරසාරථි - සියලු මිනිසුන් නිවැරදි මාර්ගයෙ යොදවන බැවින් නරසාරථි නම් වේ.

70) තාදී - අටලෝ දහමට නොසැලෙන බැවින් තාදී නම් වේ.

71) විභජජවදි - සියලු ධර්මයන් නිරවුල්ව බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

72) මහා කාරුණිකො - සියලු සතුන් හට කරුණා දක්වන බැවින් ඒ නමින් හැඳින් වේ.

73) චක්බුභූතො - සියල්ල දක්නා ඥානය නැමති ඇස ඇති බැවින් ඒ නමින් හැඳින් වේ.

74) ධම්මභූතො - සියලූම ධර්මය අඩු නැතිව දත් බැවින් ධම්මභූතො නම් වේ.

75) ඤාණභූතො-සියලු ඤාණයන් අඩු නැතුව දත් බැවින් ඒ නමින් හැඳි වේ.


76) පුරිසාදඤ්ඤ - මිනිසුන් අතර දුර්ලභ උපතක් නිසා ඒ නම යෙදේ.

77) මාරභඤ්ජන - සියලු මාර බලයන් බිදලූ බැවින් ඒ නමින් හැදින් වේ.

78) අමෝඝවචන-කිසි දිනෙක හිස් වචන නොකියන බැවින් ඒ නම යෙදේ.

79) අකණිට්ඨක - කිසිවකුට බාල නොවන බැවින් අකණිට්ඨක නම් වේ.

80) ගුනාකාර - සියලු ගුන මතු කෙරෙන ආකාරය බැවින් ඒ බැවින් හැදින් වේ.

81) තිකාලවිදූ - තුන් කාලයම අවබෝධ කළ බැවින් ඒ නම් වේ.

82) වීතරාගෝ - සියලූම ගුන ඇති බැවින් වීතරාගෝ නම් වේ.

83) චීතදෝසෝ - සියලු ද්වේෂයන් පහ කළ බැවින් චීතදෝසෝ නම් වේ.

84) චීතමෝහෝ - සියලු මෝහයන් පහ කළ බැවින් ඒ නමින් හැඳින් වේ.

85) නිකලෙසී - කිසිදු නොමැති බැවින් නිකෙලෙසී නම් වේ.

86) ශාක්‍ය මුනි - ශාක්‍ය වංශයේ උපත වූ ඍෂි වරයානන් බැවින් ශාක්‍ය මුනි නම් වේ.

87) ගෞතම - බුදුවූ නාමය ගෞතම නම් වේ.

88) සිද්ධාර්ථ - අර්තයක් සිද්ද කරණ බැවින් සිද්ධාර්ථ නම් වේ.

89) මහා වීර - තුන් ලෝව ඇතුලු සියල්ලම දිග් විජය කළ බැවින් මහා වීර නම් වන සේක.

90) භාග්‍යවතුන් වහන්ස - සංසාරයෙන් මිදිමට හැකි භාග්‍ය තිබුන බැවින් ඒ නමින් හැදින් වේ.

91) බුද්ධවීර - සියලු මාරයන් පරාජය කර බුදුවු බැවින් ඒ නම යෙදේ.

92) ශාක්‍යසිංහ - යමහ මහ පෙළහර පැමෙන් ශාක්‍යන් දමනය කිරිම නිසා ඒ නමින් හැඳින්වේ.

93) සර්වඥ - ගුරුවරයකු නොමැතිව තමා විසින්ම ධර්මය අවබෝධ කරගැනිම නිසා ඒ නම් යෙදේ.

94) ජින - ලෝකය දිනූ බැවින් ජින නම් වේ.

95) තිලෝගුරු - බ්‍රහ්ම,දේව,මනුස්ස යන තුන් ලෝකයේහිම ගුරුවරයා බැවින් ඒ නම යෙදේ.

96) අමාමෑණි - මවක් තම එකම පුතුට දක්වන සෙනේහස මෙන් ලෝවැසියාට පිහිටවන බැවින් ඒ නම යෙදේ.

97) බුදුපියානන් - පියකු තම දරුවන්ට ‍රැකවරනය සලසන මෙන් ලෝවැසියන්ට ‍රැකවරනය සැලසු බැවින් ඒ නම යෙදේ.

98) ශ්‍රමණ ගෞතම - ගෞතම නාමයෙන් තපස් දිවියක් ගත කළ නිසා ඒ නම යෙදේ.

99) භවත් ගෞතම - නිවනට පැමිනි වාසනාව (භාග්‍ය) තිබු බැවින් ඒ නම යෙදේ.

100) අජරාමර ලෝක නාථ - සංසාරය නැමති ජරා මරණයෙන් සදහටම මිදි, ලෝවැස්සන් හටද නිවන් මාර්ගය කියාදුන් බැවින් එතුමෝ අජරාමර ලෝක නාථ නම් වන සේක .

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..

No comments:

Post a Comment