෴කුණ්ඩදාන හිමි පිටුපස ආ කාන්තාව෴
ඔබත් තවමත්" නිවන් මග " සමග එක් වී නැතිද?
දහම් රසය විදින්න එක්වන්න අප සමග -
එක්වන්න අප සමග-
කුණ්ඩදාන තෙරුන් මහණ වූ දා පටන් කාන්තා රූපයක් පසු පස එනු ලැබේ. මෙය
තෙරුන් නොදන්නා අතර අන්‍යයන්ට පෙනෙන්නාහ. මේ කාන්තාවක් සේ පසු පස යන රුව
දකින මිනිසුන් තෙරුන්ට නොමනා බස් කියති. මෙය දකිනා භික්ෂූන් ද දුස්සීල
වාදයෙන් බනිති. තෙරුන්ට එබන්දක් නොපෙනෙන බැවින් තෙරුන්ද අන් අයට මුසා
වාදීන් දුස්සීල යැයි බනිති.
පසුව තෙරුන් පසු පස කාන්තාවක් නොයන
බවද කර්ම බලයෙන් එබන්දක් පෙනෙන බවද කොසොල් රජු සොයා ගත්තේය. තථාගතයන්
වහන්සේ ඊට හේතු වූ අතීත කර්මය වදාළ සේක
කුණ්ඩදාන හිමි කාශ්‍යප
බුදුන් කල දෙවියෙකුව ඉපිද සමගිව විසූ භික්ෂූන් දෙනමක් බේද කලේය. ඒ සමගි
දෙනම වඩින විට කැසිකිළි කිස කිරීමට අවශ්‍ය ව්ය . එබැවින් කැලෑවට පිවිසියේය.
එක් භික්ෂුවක් කැසිකිළි කිස කොට එන කල මේ දෙවියා කාන්තා වෙසක් මවාගෙන
රෙද්ද හදමින් අත්වල වැලි ගසා දමමින් කෙසග බඳිමින් වට පිට බලමින් පසු පස
ආවාය.මෙය දුටු අනෙක් භික්ෂුව දුස්සීල වාදයෙන් චෝදනා කලේය. දෙදෙනාම බහින්
බස් විය. පෝය කිරීමටද විරුද්ධ වූ කල දෙවියා විත් තම වරද කියා සමාව ගත්තේද
පෙර තිබූ හිතවත් කම නැවත් පෙර සේ ඇතිකල නොහැකි විය.
පෙර ආත්මයකදී දෙවියෙකුව සිට්යදී කල පාපයෙන් අවීචියේ ඉපිද දුක් විද මේ ආත්මයේදිත් මෙසේ එම කර්මය පල දෙන බව වදාලහ.
තෙරුවන් සරණයි ...
සියළු සතුන් ලොව සුවපත් වේවා....
කර්ම විපාක -රිදියගම සුදම්මාභිවංශ ස්වාමීන් වහන්සේ
ධර්ම දානය පිණිස හැකිතරම් අන් අය අතර් බෙදා හරින්න.
No comments:
Post a Comment