ප්‍රසන්න සිතින් දන් පුදා නිල් මැනිකෙන් වර්ණවත් වු දේව විමාන ලත් කාන්තාව
රජගහ නුවරදි එක් කාන්තාවක් තම නිවසෙහි සිටි කල්හි විතරාගී වු රහතන් වහන්සේ නමක් පින්ඩපාතය සදහා වැඩම කල කල්හි උන්වහන්සේ කෙරෙහි පහැදුන ඇය පසග පිහිටුවා වැද නීල වර්න වස්ත්‍රයක් අතුරා වැඩ සිටිමට ආරාධනා කළාය. උන්වහන්සේට ශක්ති පරිදි දන්පිලියෙල කොට පුජා කලාය. ඇය පසු අවදියේ රොගාතුරව මරනයට පත්ව තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. වෙදුර්ය මාණික්‍යයෙන් යුත් විමානයක් ඇයට පහල වුවා ය. ඉසුරුමත් වු සෞභාග්‍යයෙන් පිරි ජිවිතයක් ගත කිරිමට අවශ්‍ය සියල්ලක් හා සියලු දිසාවන් බබළන සිරුරක් ඇය ලැබුවා ය. මුගලන් රහතන් වහන්සේට දෙව්ලොවදී හමු වු මෙම දෙවගනගේ ඉසුරුමත් බව දැක මිනිස් ලොව දි කළ පින්කම් ගැන විමසුහ . දේවතාව්යෙනි සුවදවත් මලින් හා දැකුම්කලු වස්ත්‍රවලින් බබලන අල0කාරවත් වු ඔබ වැහි වලාකුලු අතර බබළන විදුලියක් සේ නිලවර්ණ මැනිකෙන් දිදුලන ඔබගේ ආසනය කමැති තැන්වලට සිතේ වේගය මෙන් ගමන් කරයි. සිතු පැතු සම්පත් ලැබෙයි . සියලු දිසාවන් ආලොකමත් කරන මේ ඔබේ බැබ ළෙන සිරුර කුමක් නිසා නිසා ලැබුවෙහි ද? මිනිස් භ්වයෙහි සිටියදි කල පින්කම් කුමක්දැ යි දැන
ගන්නට කැමැත්තෙමියි ප්‍රකාශ කලහ.
ස්වාමීනි, මිනිස් ලොව දි පු0චි පින්කමක් කෙළෙමි. ප්‍රසාදය ජනිත වන අයුරෙන් වඩින රහතන් වහන්සේ නමක් දැක පැහැදි වැද පිලිගෙන ආහාර පානාදියෙන් පුජා කොට අසනයක් පුජා කලෙමි . එ හෙතු කොටගෙන වර්නවත් බව ද සැප සම්පත් ද ප්‍රිය උපදවන සම්පත්ද ලැබුවෙමි . හිමියනි රහතන් වහන්සේ නමකට ආසනයක් පුජා කළෙමි .එදා ඒ කල පින්කම නිසා විපාක වශයෙන් සියලු දිශාවන් අලෝක කරන වර්නවත් බවක් ලදිමි යි දෙවගන ප්‍රකාශ කලාය. දේවතාවියන් පිරිසට දහම් දෙසා මුගලන් තෙරනුවෝ බුදුරජානන් වහන්සේ හමුවට පැමිණ සියල්ල ප්‍රකාශ කිරිමෙන් පසුව බොහො දෙනාට පින් කිරිම සදහා පෙළා සියල්ල බුදුරජානන් වහන්සේ දේශනා කලහ..
උපුටා ගැනිම #....විමාන වස්තු ප්‍රකරණයට අයත් දෙව කතා....#
හැකිනම් මිතුරන් අතරෙත් බෙදා හරින්න
....සියලු බන කතා ,බොදු ලිපි කියවිමට පිවිසෙන්න http://darmadanayapinisa.blogspot.com/
No comments:
Post a Comment